එකම පවුලේ අක්කයි නංගියි වසර 10ක් තිස්සේ කෙළෙසූ පාසල් වෑන් රථ රියදුරෙක් මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

එකම පවුලේ අක්කයි නංගියි වසර 10ක් තිස්සේ කෙළෙසූ පාසල් වෑන් රථ රියදුරෙක් මාට්ටු

එකම පවුලේ අක්කයි නංගියි වසර 10ක් තිස්සේ කෙළෙසූ පාසල් වෑන් රථ රියදුරෙක් මාට්ටු

එකම පවුලේ අක්කා සහ නංගි  වසර දහයක් තිස්සේ අපයෝජනය කළ පාසල් වෑන් රථ රියැදුරකු බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙකි.

 

පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති පරිදි සැකකරු විසින් බාල දැරිය අවුරුදු 4 සිටද වැඩිමහල් දියණිය වයස අවුරුදු 9 සිටද මේ වන තෙක් වසර දහයක් තිස්සේ අපයෝජනය කර තිබෙනවා.

 

සැකකරුගේ හිංසන ඉවසාගත නොහැකි තැන කුඩා දියණිය බණ්ඩාරවෙල පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි මෙලෙස ඔහු අත්අඩංගුවට ගැනුණේ.

 

සැකකරු පිළිබඳව මීට පෙරද අපයෝජන සිද්ධි පිළිබඳ චෝදනා එල්ල වී තිබෙනවා.

 

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

views

9484 Views

Comments

arrow-up