"තමුසෙගෙ අසහනකමට මගෙ අම්මාව අල්ලගන්න එපා" - තම මව සමඟ අනියම් පෙම් කෙලි ගුරුවරයාට දුව පිහියෙන් අනී
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

"තමුසෙගෙ අසහනකමට මගෙ අම්මාව අල්ලගන්න එපා" - තම මව සමඟ අනියම් පෙම් කෙලි ගුරුවරයාට දුව පිහියෙන් අනී

"තමුසෙගෙ අසහනකමට මගෙ අම්මාව අල්ලගන්න එපා" - තම මව සමඟ අනියම් පෙම් කෙලි ගුරුවරයාට දුව පිහියෙන් අනී

වයස අවුරුදු 16ක ගැහැණු දරුවෙකු සහ පිරිමි ළමයකු තම මව සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය ගුරුවරයකුට පිහියෙන් ඇන පලා ගොස් ඇති බව පෝද්දල පොලිසිය සදහන් කරනවා.

 

මොවුන් දෙදෙනා පෝද්දල කාසිදෙණිය ප්‍රදේශයේ පිහිටි අදාල ගුරුවරයාගේ නිවසට ත්‍රී රෝද රථයකින් පැමිණ මෙම පහරදීම සිදු කර තිබෙනවා.

 

එයින් තුවාල ලබා ඇත්තේ බද්දේගම සාන්ත අන්තෝනි විදුහලේ සේවය කරන 45 හැවිරිදි ගුරුවරයෙකි.

 

ඔහු මේ වන විට වනවිට බද්දේගම රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 

පහරදීමට සම්බන්ධ ගෑනු ළමයාගේ මව මෙම ගුරුවරයා සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර දියණිය ගුරුවරයාගේ නිවසට පැමිණි අවස්ථාවේ ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් මෙම පිහි ඇනුම සිදුව තිබෙනවා.

 

සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

views

33507 Views

Comments

arrow-up