අසම්මත පෙමින් අන්ධ වූ ට්‍රැෆික් රාළහාමිගේ කාකි ඇඳුම් ගැලවේ - ගමකට ගුටි කන්න ගොස් බේරුනත් රස්සාවෙන් දොට්ට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

අසම්මත පෙමින් අන්ධ වූ ට්‍රැෆික් රාළහාමිගේ කාකි ඇඳුම් ගැලවේ - ගමකට ගුටි කන්න ගොස් බේරුනත් රස්සාවෙන් දොට්ට

අසම්මත පෙමින් අන්ධ වූ ට්‍රැෆික් රාළහාමිගේ කාකි ඇඳුම් ගැලවේ - ගමකට ගුටි කන්න ගොස් බේරුනත් රස්සාවෙන් දොට්ට

රථ වාහන පොලිසියට අනුයුක්තව මේ කියන නිලධාරියා රාජකාරි කළ අයෙකි. දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන කිහිපයකම රාජකාරි කළ මොහු මාර්ග නීති කඩකරන රියදුරන්ට බුරුලක් දුන්නේම නැත. 

 

එක්තරා පොලිසියක සේවය කරන අතරතුර ඔහුට පෙම්වතියක් මුණ ගැසුණි. ඒද ඔහු දඩකොලයක් ලිවීමට අත දැමූ දිනකය.

 

නමුත් ඇය විවාහකය. තහනම් ප්‍රේමයේ පැටලූණ මෙකී කඩවසම් තරුණ පොලිස් රාළහාමිට රාජකාරියද අමතක විය.

 

මාර්ග නීති කඩකරන රියදුරන් අල්ලා නීතිය තදින්ම කි‍්‍රයාත්මක කළත් මහමගදී ඇය හමුවූ ඔහුට මාර්ග නීතිද අමතකව ගියේ ආලයෙන් අන්ධවීම නිසාමය.

 

මොහු මෙම තරුණිය හමුවූ දිනෙක “මට හෙල්මට් එකක් නෑනේ අනේ” මඟ හමුවූ ඇය කීවාය. 


“හෙල්මට් ඕනෙ නෑ. නගින්න මම බලාගන්නම්” අන්ධ පේ‍්‍රමය හමුවේ ඒ නිලධාරියා නීතිය නැමුවේය. 


නගරය මැදත් අතුරු පාරවල්වලත් දෙදෙනා හෙල්මට් නොමැතිව ගමන් බිමන් ගියෝය. 

 

බොහෝ දෙනෙක් මේ දසුන දැක තිබුණු අතර ඇතැමෙක් මුණු මුණු ගෑවේ පොටක් පෑදෙන තුරුය.

 

මේ අතරතුර දෙදෙනා තානායමකට ආවේද හෙල්මට් නොමැතිවය. ගමේ අය පොලිස් හදිසි ඇමතුමට කතා කළේය. 

 

“සර්.. අහවල් හෝටලේ කලබලයක්. මිනී මැරුමක් අත ළඟ” 

 

දැනුම්දුන් සැණින් පොලිසිය හෝටලයට ආවේ ඒ අනුවය. 

 

ඒ වන විටත් රථ වාහන පොලිස් නිලධාරියා සිටි කාමරයට ගල්වරුසා පතිත වෙමින් තිබුණු අතර පොලිසිය එහි යන විටත් රථ වාහන පොලිස් නිලධාරියා රාජකාරි වේලාවේදී වෙන රාජකාරියක නිරතව සිටියේය.


 
පොලිස් පරීක්‍ෂණ ඇරඹුණු අතර ප්‍රේමයෙන් අන්ධ වී සිටි ඔහුගේ දෑස් පෙනෙන්නට වූයේ නිල ඇඳුම ගලවා ගෙදර යැවූ පසුවය.

views

29766 Views

Comments

arrow-up