වීඩියෝ පෙන්වා පෙම්වතිය නටවන්න හැදූ පෙම්වතාට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
27

වීඩියෝ පෙන්වා පෙම්වතිය නටවන්න හැදූ පෙම්වතාට වැඩ වරදී

වීඩියෝ පෙන්වා පෙම්වතිය නටවන්න හැදූ පෙම්වතාට වැඩ වරදී

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ තරුණයකු සිය පැරණි පෙම්වතියගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මුහුණ පොතේ ප්‍රදර්ශනය කරන බවට එම තරුණියට සහ ඇගේ පියාට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙලෙස පොලිස් අත්අඩංගුවට ගැනුණේ වයස අවුරු 26 ක තරුණයෙකි.

 

ඔහු 23 හැවිරිදි තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර තරුණියගේ දෙමව්පියන් ඊට විරුද්ධ වීම හේතුවෙන් පෙම්වතිය විසින් එම සම්බන්ධය නවතා තිබෙනවා.

 

පසුව අදාළ තරුණයා ඇගේ ඡායාරූප සහ වීඩියෝ පට සමාජ මාධ්‍ය වලට මුදාහරින බවට පවසමින් තරුණියට සහ ඇගේ පියාට තර්ජනය කර තිබෙනවා.


සැකකරුව අත්අඩංගුවට ගැණුනේ ඒ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුවයි.

views

1345 Views

Comments

arrow-up