පාසල් ඇඳුමින්ම පෙම්වතාගේ නිවසට ගිය සිසුවියට වැඩ වැරදුණු හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

පාසල් ඇඳුමින්ම පෙම්වතාගේ නිවසට ගිය සිසුවියට වැඩ වැරදුණු හැටි

පාසල් ඇඳුමින්ම පෙම්වතාගේ නිවසට ගිය සිසුවියට වැඩ වැරදුණු හැටි

පාසල් යන බව පවසමින් නිවසින් ගොස් සිය පෙම්වතාගේ නිවසට පාසල් නිළ ඇඳුමින්ම ගිය පාසල් සිසුවියක් රාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

 

දහ වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම පාසල් සිසුවිය ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇයගේ පාසල ද පිහිටා ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

 

ඇයගේ දහනව හැවිරිදි පෙම්වතා රාගම ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඔහු හමුවීම සඳහා මෙම පාසල් සිසුවිය පාසල් නිල ඇඳුමෙන්ම ත්‍රීරෝද රථයක නැගී මෙම නිවස වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

 

පාසල් නිල ඇඳුමකින් සැරසී පාසල් සිසුවියක් පාළු නිවසකට යන බව දුටු ප්‍රදේශවාසීන් විසින් මේ බව පොලීසිය වෙත සැල කොට ඇති අතර එහිදී රාගම පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම නිවසට පැමිණ නිවස පරික්ෂා කොට තිබෙනවා.

 

ඒ වන විටත් පාසල් සිසුවිය සිය නිල ඇඳුම් මාරු කොට එම ඇඳුම සිය පාසල් බෑගයෙහි දමා ගැන තිබූ බවද වාර්තා වෙනවා.

 

මෙලෙස අත්අඩංගුවට ගත් පාසල් සිසුවිය දැඩි අවවාද යටතේ දෙමව්පියන්ට භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

views

1829 Views

Comments

arrow-up