ජීවයට යලි ජීවය ගන්නට බලා හිඳිනා දහසක් වූ රෝගීන් වෙනුවෙන් ෆ්ලෑෂ්බැක් ඇතුළු කලාකරුවන් සිදුකරන්නට යන අපූරු වැඩේ

මේ කියන්නේ හරි අපූරූ කතාවක් ගැන.
ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමනේ ෆ්ලෑෂ්බැක් කියන්නේ.
ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ප්‍රනාන්දුගේ සංකල්පයක් මත හරි අපූරූ දෙයක් අද මහරගම අපේක්ෂා රෝහල් භූමියේදී සිදුවෙනවා.
ඒ එම රෝහලේ සිටින නේවාසික රෝගීන් වෙනුවෙන් අපූරූ ප්‍රාසාංගික අත්දැකීමක් ලබා දෙන්න ෆ්ලෑෂ්බැක් සමාජිකයින් ඇතුලුව ලංකාවේ ජනප්‍රියතම ගායක ගායිකාවන් සූදානමින් සිටිනවා.
ඒ වගේම තමයි මේ ප්‍රසංගය LED තිර භාවිත කරමින් තනපු වේදිකාවක නියම ප්‍රාසාංගික අත්දැකීමක් අපේක්ෂා රෝහලේ සිටින ආදරණීයන්ට අද ලබා ගන්නට පුළුවන්.
හැබැයි මේ අත්දැකීම විඳින්න පුළුවන් අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සහ කාර්ය මණ්ඩලයට පමණයි.
මේ සඳහා පූර්ණ දායකත්වය ලබා දෙන්නේ ෆ්ලෑෂ්බැක් සාමාජිකයින් සහ ප්‍රාසාංගික කලාකරුවන්.
ප්‍රසංගය සඳහා කාංචනා අනුරාධි,භාතිය සංතුෂ්,වස්ති,සරිත් සුරිත්, අමල් පෙරේරා, මනේජ් සංජය ,සශිකා නිසංසලා ඇතුලු ජනප්‍රිය තරු රාශියක් සහභාගී වීමට නියමිතයි .
රාත්‍රි 7ට තමයි මේ වැඩේ ආරම්භ වෙන්නේ.
මේ ප්‍රසංගය සංවිධානය කරන්නේ රොෂාන් ප්‍රනාන්දු සමග රෝහල් අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලය.
231 Views
Comments