ටේලර් ස්විෆ්ට්ගේ සංගීතයට පෙම් බඳින රජ පවුලෙ සතුට බලන්නකෝ (PHOTOS)

පහුගිය දවසක විලියම් කුමරු සහ ඔහුගේ දරුවන් ලෝක ප්‍රකට තරුවක් වන ටේලර් ස්විෆ්ට්ගේ රසිකයින් බව වඩාත් තහවුරු කළා.
ජුනි 21 වෙනිදා ලන්ඩනයේ පැවති ටේලර් ස්විෆ්ට්ගේ 'The Eras Tour' එකට සහභාගී වූවන් අතර කාගෙත් සිත්ගත් රාජකීය රසිකයන් තමයි විලියම් කුමරු සහ ඔහුගේ දරුවො තුන්දෙනා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ස්විෆ්ට්ගේ සංචාරයේ පළමු රාත්‍රියේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයෙහි සංදර්ශනය නරඹන්න ඔවුන් එක්කාසු වුණු බව.
සංදර්ශනය නරඹන්න විතරක් නෙවෙයි තම සිත්ගත් පොප් තරුව එක්ක සෙල්ෆියක් ගන්නත් ඔවුන් අමතක කර තිබුණේ නෑ.
ඒ වගේම මේ අපූරු ඡායාරූපය වේල්ස් කුමරුගේ සහ කුමරියගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කාසු කරගෙන තිබුණු අයුරුද දක්නට ලැබුණා.
ප්‍රසංගයත් එක්ක සැමරීමට තවත් කාරණාවකි. ඒ 42 වැනි වියට පා තැබූ විලියම්ගේ උපන්දිනයත් එදාටම (ජුනි 21) යෙදී තිබීම.
රජ පවුලත්, සිය පෙම්වතා වන ට්‍රැවිස් කෙල්ස් එක්ක ගත් සේයා රුවක් ස්විෆ්ට්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේද පළකර තිබුණා.
387 Views
Comments