“හෙඩ්ෆෝන්වලට නිරාවරණය වීම සම්බන්ධයෙන් මගෙන් අවවාදයක්...” - ශ්‍රවණාබාධයකින් පෙළෙන සුපිරි තරුවගෙන් තරුණයින්ට අවවාදයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

“හෙඩ්ෆෝන්වලට නිරාවරණය වීම සම්බන්ධයෙන් මගෙන් අවවාදයක්...” - ශ්‍රවණාබාධයකින් පෙළෙන සුපිරි තරුවගෙන් තරුණයින්ට අවවාදයක්

“හෙඩ්ෆෝන්වලට නිරාවරණය වීම සම්බන්ධයෙන් මගෙන් අවවාදයක්...” - ශ්‍රවණාබාධයකින් පෙළෙන සුපිරි තරුවගෙන් තරුණයින්ට අවවාදයක්

පහුගිය දවසක බොලිවුඩයෙන් අහන්න ලැබුණු ඉතාමත් අවාසනාවන්ත ආරංචියක් තමයි, බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය ගායිකා 58 හැවිරිදි අල්කා යාග්නික් දුර්ලභ ශ්‍රවණාබාධයකින් පෙළෙන බවට වූ පුවත.

 

රෝගී තත්ත්වය පිළිබඳව ඇය ම සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා තොරතුරු බෙදාගෙන.

 

එහි විස්තරයන්ට අනුව ඈ මේ තත්ත්වය ගැන හඳුනාගෙන තිබුණේ, ගුවන් යානයකින් පිටතට ගිය පසු තමාට කිසිවක් ඇසෙන්නේ නැතිව ගොස් ඇතැයි හැඟී යාමත් එක්ක.

 

එමෙන්ම එය 'දුර්ලභ ශ්‍රවණාබාධයක්' වන බවයි අල්කා යාග්නික් විසින් වෛද්‍ය නිර්දේශයන් ද උපුටා දක්වමින් සඳහන් කරන්නේ.

 

ඇය මෙයාකාරයෙන් තමා පෙළෙන රෝගී තත්ත්වය ගැන ප්‍රසිද්ධියේම සඳහන් කර තිබුණේත්, තමාගේ නිහඬතාව ගැන ඉදිරි වැඩකටයුතු ගැන විමසන කාටත් පිළිතුරක් ද වශයෙන්.

 

ඒ විතරක් නෙවෙයි ඇය තමාගේ සෞඛ්‍ය තත්ත්වය ආශ්‍රයෙන් තරුණ පරපුරට පණිවුඩයක් දෙන්නත් කටයුතු කරලා.

 

''සති කිහිපයකට පෙර, මම ගුවන් යානයකින් පිටතට යන විට මට කිසිවක් ඇසෙන්නේ නැති බව මට හදිසියේම දැනුනි.

එය වෛරස් තත්ත්වයක් හේතුවෙන් වන සංවේදී, දුර්ලභ ස්නායු ශ්‍රවණාබාධයක් ලෙස මගේ වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන ඇත.

මේ හදිසි මෙන්ම විශාල පසුබෑම සම්පූර්ණයෙන්ම මා නොදැනුවත්වම අල්ලාගෙන ඇති සෙයකි.

මගේ රසිකයින් සහ තරුණ සගයන් සඳහා, ඉතා ඝෝෂාකාරී සංගීතයට සහ හෙඩ්ෆෝන්වලට නිරාවරණය වීම සම්බන්ධයෙන් මම අවවාදයක් එක් කරමි.

එක් දිනක්, මගේ වෘත්තීය ජීවිතයේ සෞඛ්‍ය අන්තරායන් බෙදා ගැනීමට මම කැමැත්තෙමි.

ඔබගේ ආදරය සහ සහයෝගය ඇතිව මම මගේ ජීවිතය නැවත ක්‍රමාංකනය කර ඉක්මනින් ඔබ වෙත පැමිණීමට බලාපොරොත්තු වෙමි....''

 

 

අල්කා යාග්නික් පෙළෙන මෙම තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා කරැති ඉන්දීය පුවත්වලට අනුව දිල්ලි හි ප්‍රකට ENT ප්‍රධාන උපදේශක වෛද්‍ය දීප්ති සිංහා සඳහන් කර තිබුණේ, දිගු කලක් තිස්සේ ඉයර්ෆෝන් භාවිතා කිරීම, විශේෂයෙන්ම ඉහළ ශබ්දයන්ට කන නිරාවරණය වීම තුළින් කාලයත් සමඟ මෙවන් ශ්‍රවණාබාධ ඇති විය හැකි බවයි.

 

එනිසාවෙන් ශ්‍රවණ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂිත සවන්දීමේ පුරුදු පුහුණු කිරීම අත්‍යවශ්‍ය වන බවයි අවධාරණය කරන්නේ.

views

229 Views

Comments

arrow-up