මගීන් රැසකගේ දිවි රැක දෙමින් ප්‍රපාතයකට යන්න ගිය බසය බේරාගත් රියැදුරා

රියදුරෙක් සතු වගකීම් නම් බොහෝමයි.
ඒ වගේම බස් රථ රියදුරෙක් කියන්නේ ජීවිත දහස් ගනන සිය දෑත මත තබාගෙන ඉතාමත් දැඩි වගකීමකින් තම රැකියාව කරන පුද්ගලයෙක්.
මේ කියන්න යන්නේ ඒ වගකීම නිසි ආකාරයෙන් සිදු කරපු රියදුරෙක් පිළිබඳ කතාවක්.
කලවාන සිට කොළඹ දක්වා මගීන් 40ක් පමණ රැගෙන පැමිණෙමින් තිබූ බස් රථයක්.
ඉඩංගොඩ ගලතුර මාර්ගයේ මද දුරක් එද්දීම පාරේ තිබෙන මඩ ස්භාවය හේතුවෙන් බස් රථය කෙලින්ම ඇදීගෙන ගියේ එම මාර්ගය පිහිටා ඇති දෙසටයි.
වෙන්න යන අනතුර දුටු රියදුරු හැකි වහාම ක්‍රියාත්මක වී අනෙක් පසින් ඇති ඇලපාර දෙසට බස් රථය හරවා සිදුවෙන්නට ගිය අනතුර මග හරවා ගැනීමට සමත් වි තිබුණා.
කෙසේ නමුත් රියදුරුගේ දක්ෂකම හේතුවෙන් මෙම අනතුර වලක්වා ගැනීමට හැකියාවක් ලැබීම කාගේත් කතාබහට ලක්වුණා .
කෙසේ නමුත් මෙම මාර්ගයේ ඇති මඩ සහිත ස්භාවය නිසා මීට පෙරද මෙවැනි අනතුරු සිදු වීමට ගොස් තිබුණ බවටයි සඳහන් වෙන්නේ.
330 Views
Comments