“සෙන්ටිග්‍රේඩ්ස් කියන්නෙ උදය ඇතුළු ඔය ඔක්කොම..” - උදය ශ්‍රී යළි සෙන්ටිග්‍රේඩ්ස් සමඟ එක්වෙයි?? (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
08

“සෙන්ටිග්‍රේඩ්ස් කියන්නෙ උදය ඇතුළු ඔය ඔක්කොම..” - උදය ශ්‍රී යළි සෙන්ටිග්‍රේඩ්ස් සමඟ එක්වෙයි?? (PHOTOS)

“සෙන්ටිග්‍රේඩ්ස් කියන්නෙ උදය ඇතුළු ඔය ඔක්කොම..” - උදය ශ්‍රී යළි සෙන්ටිග්‍රේඩ්ස් සමඟ එක්වෙයි?? (PHOTOS)

'Centigradz' කියන්නෙ 90 සෙට් එකට නම් පිස්සුවක්. ''පැහැසර ඔබේ ආදරේ'' ''රන්වන් මල් දම්'' එක්ක ගෙවුණු සොඳුරු අතීතයක් ඔවුන්ට හිමියි.

 

මේ දැන් ඇහුවත් හිත ඈත අතීතයේ අතරමං කරවන මොකක්දෝ හැඟීමක්, ඔවුන් අරන් ආව ගීත කලාව තුළ හැංඟිලා තිබුණා.

 

ඒ නිසාම අදටත් මොන මොන සංගීත කණ්ඩායම් පෙරළි දැන්මත්, 'Centigradz' වෙනුවෙන් හදවත්වල වෙන්වුණු ඉඩ තාමත් එහෙමමයි.

 

තරුණ පරපුර අතර අතිශය ඉහළ ජනාදරයක් දිනාගත්, 'Centigradz' පසුකාලීනව යම් යම් දෙදරා යාම්වලට මුහුණ දුන්නු වග කවුරුත් දන්න කතාවක්.

 

කණ්ඩායමේ සුපිරි චරිතයක් වුණු උදය ශ්‍රී විවාහයත් එක්ක සංගීත කණ්ඩායමෙන් ඉවත්ව යන්න තීරණයක් ගන්නවා. පසුව ඔහු විදෙස්ගත වෙනවා.

 

මේ දේවල් එක්ක 'Centigradz' කණ්ඩායමට හදවතින් ම ආදරේ වුණු කාගෙත් එකම ප්‍රාර්ථනාව වුණේ, උදය ශ්‍රී ආයෙමත් කණ්ඩායමට එක්කාසු වන දවසක් එනවා දකින එක.

 

ඔන්න එහෙම දෑස් දල්වාගෙන බලාගෙන උන්නු කාටත් සුබ ආරංචියක් වගේ, තුසිත් මේ අරන් ඇවිත් තියෙන්නෙ.

 

 

''අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ'' යන හිසින් යුතුව, තුසිත් සමාජ මාධ්‍ය වෙත එක්කාසු කර තිබුණු මේ පොටෝව පරණ එකක් සේ දිස් වුණත්, අරන් ඇවිත් තියෙන ආරංචිය නම් අළුත් වෙන්න ම ඕනි.

 

පොටෝවක් දැන්මා විතරයි කතාව පටන් ගනිද්දිම අපි කිව්ව Centigradzලට හදවතින්ම ලව් සෙට් එක 'ගැම්මට' අවදි වෙලා

 

''ෆොටෝ එකනං පරණ එකක් නේ?

හැබැයි ආපහු එකතුවෙලා නම් ඒ තමයි මෑතක අහපු හොඳම නිවුස් එක..

සෙන්ටිග්‍රේඩ්ස් කියන්නෙ උදය ඇතුළු ඔය ඔක්කොම..

උදය වෙනමවත්, අනිත් අය වෙනමවත් නෙවෙයි..'' ඔන්න ඔහොමයි කට්ටියගෙ ප්‍රතිචාර.

 

 

 

views

3224 Views

Comments

arrow-up