මහත්මාවරුන්ගේ ක්‍රීඩාවට කළු පැල්ලමක් එක් කළ සුපිරි ක්‍රීඩකයාට අයිසීසීයෙන් ලැබුණු දඩුවම

ක්‍රිකට් කියන්නේ මහත්මාවරුන්ගේ ක්‍රීඩාවක් කියන කරුණ හැමෝම දන්නවා.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහිවුණ මහත්මාවරු බොහෝමයක් තවමත් අපේ මතකයේ සිටිනවා.
හැබැයි එහෙව් ක්‍රීඩාව තුල ක්‍රිකට් ක්‍රීඩාවට කළු පැල්ලමක් එක් කරන පුද්ගලයින්ද සිටිනවා.
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ ක්‍රීඩකයෙක් ගැන.
එංගලන්ත වේග පන්දු යවන්නකු වූ බ්‍රයිඩන් කාර්ල්සේටෙ එරෙහිව තරග තහනමක් පනවා තිබෙනවා.
මාස 16ක ක්‍රිකට් තහනමක් පනවා ඇති අතර එම තහනමෙන් මාස 13 තහනම වසර 2ට අත්හිටුවා ඇති බවටයි වාර්තා වෙන්නේ .
එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සිදු කළ පරීක්ෂනයකින් අනතුරුව මෙම තහනම පනවා තිබෙනවා.
කාර්ස් 2024 මැයි 28 සහ 2024 අගෝස්තු 28 අතර ඕනෑම ක්‍රිකට් ක්‍රීඩාවකට ක්‍රීඩා කිරීම තහනම් කර තිබෙනවා.
2017 සහ 2019 අතර විවිධ ක්‍රිකට් තරඟ සඳහා ඔට්ටු 303ක් තැබීම සම්බන්ධයෙන් Carse ට චෝදනා එල්ල වී තිබෙනවා.
කාර්ස් 2016 දී ඩර්හැම් වෙනුවෙන් ඔහුගේ පළමු ප්‍රාන්ත මංගල තරගය ක්‍රීඩා කළා.
ඔහු 2021 දී සිය මංගල ජාත්‍යන්තර තරඟයට සහභාගී වූ අතර ඔහුගේ අවසන් වරට 2023 දෙසැම්බර් මාසයේදී තරග වැදුනා.
ඔහු එක්දින තරඟ 14 ක් සහ T20I තරඟ 3 ක් ක්‍රීඩා කර තිබෙන ක්‍රීඩකයෙක්.
337 Views
Comments