“දුවෙක්ට දරාගන්න අමාරුම හැඟීමක්...” - ජනප්‍රිය නිරූපණ ශිල්පිනි ත්‍රිකලා ධරණිගේ ආදරණීය පියාණන් සසුන්ගත වෙයි (PHOTOS)

''තාත්තා කියන්නෙම සංසාරයක්
දුවෙක්ට දරාගන්න අමාරුම හැඟීමක් ජීවත්ව ඉදියදීම ලෝකයටත් වඩා ආදරේ කරන තාත්තා කියන බැඳීමෙන් ඈත්වන එක''
මේ සංවේදී වචන පෙළ සිය මුහුණු පොත වෙත එක්කාසු කර තිබුණේ, ජනප්‍රිය නිරූපණ ශිල්පිනි ත්‍රිකලා ධරණි.
සටහනට හේතුව ඇගේ ආදරණීය පියාණන් සසුන්ගත වීම.
සටහනත් එක්කම එම සුවිශේෂී මොහොතේ සේයා රූ එකතුවක් ද ඇය සමාජ මාධ්‍ය වෙත එකතු කර තිබුණා.
සසුන්ගත වීමට පෙර පියාට යැවූ අවසන් වට්සැප් පණිවුඩය ද ඇය මෙලෙස මතක සටහනක් හැටියට හුවමාරු කරගෙන තිබුණා.
''තාත්තාගෙන් ආපු අන්තිම මැසේජ් එක..''
පියාගෙන් මදක් හෝ ඈත් වීම දියණියකට ගෙනෙන දුක කවරේද යන්න ත්‍රිකලාගේ මෙම සටහන් සාක්ෂි දරනවා ඇති.
ඒ කෙසේ නමුත්, උතුම් බලාපොරොත්තු සහිතව පියාණන් ගිය ගමන අවසන ඇය සිය හිත හදාගත් අයුරුත් මෙයාකාරයෙන් වචන කර තිබුණා.
''මගේ ජීවිතේ දරාගන්නම බැරි වේදනාවක් දැනුන වෙලාවේ ඔයාලගෙන් ආපු ආදරණීය වචන මට හයියක් වුනා...‼️
ගොඩක් පින් එකවචනෙකින් හරි මටත් මගේ පියාණන්ටත් දහස් ගනණක් කමෙන්ට් හරහා ආශීර්වාද එකතු කරපු හැමෝටම
කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඇයි අඩන්නේ සතුටු වෙන්න ඕනානේ කියලා ....‼️
මෙහෙමයි,
අපි හැමොගෙම පරණම සහ දීර්ඝතම බැදීම අම්මා තාත්තා මේ ලෝකෙට ඉපදිලා ඇස් ඇරපු මොහොතේ ඉදන් කිසිම ලාබ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී අපිට අසීමාන්තිකව ආදරේ කරපු එකම කෙනා එයාලා දෙන්නා ...
ඉතින් ඒ වගේ සංසාරගත බැදීමක් එක දවසින් කඩන්න ගොඩාක් අමාරුයි !!!
වැටෙන වෙලාවට වැටෙන්න ඕනේ...
බැහැයි හැමදේම ධනාත්මක පැත්ත දකින්න කාලයක් තිස්සේ හුරු වුන කෙනාට එතනින් ඉක්මනින් ගොඩට එන්න හරිම ලේසී කියලා මට තේරුම් ගියා
මම හිත හදාගත්ත විදියත් කියන්නම් ඔයාට
තාත්තා කෙනෙක්ට දරුවෙක් ගෙන් ලැබෙන්න පුලුවන් උපරිම සැනසීම තමයි, අපි අපේ හීන වලට යන එක
අන්න ඒ නිසානේ ඔහුට හිනා වෙලා දේවල් අත හරින්න පුලුවන් වුනේ
නංගියේ මල්ලියේ .... දුවේ පුතේ , ‼️‼️
දරුවෙක්ට ,දෙමාපියන්ට දෙන්න පුලුවන් ලොකුම තෑග්ග ඔයා ඔයාට ලස්සන ජීවිතයක් හදලා එයාලට පෙන්වන එක විතරමයි....
රන් මුතු මැනික් වෙන මොන තෑග්ග දුන්නත් වැඩක් නෑ ඒ මානසික සුවය එයාලට දෙන්නේ නැතිව
සතුටු කදුලු හැරුනම කවදාවත් ඒ ඇස් වලට දුකක් ගේන දෙයක් නම් කරන්න එපා
එයාලා දෙන්නාට ආඩම්බරයෙන් කතා කරන්න පුලුවන් දරුවෙක් වෙන්න.....
විශ්වාස කරන්න ......................, ,
ඒක පුදුම සැනසීමක් ''
~ත්‍රිකලා ධරණී~
385 Views
Comments