“ටික දුරක් ගිහිල්ලා ඇහුවා වැස්සනෙ අපි ටිකක් නතර කරන් ඉඳලා යන්ද කියලා..” - රටම කතා කළ සිදුවීම ගැන පළමු වරට හඬ අවදි කළ නිළි කවිහාරි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

“ටික දුරක් ගිහිල්ලා ඇහුවා වැස්සනෙ අපි ටිකක් නතර කරන් ඉඳලා යන්ද කියලා..” - රටම කතා කළ සිදුවීම ගැන පළමු වරට හඬ අවදි කළ නිළි කවිහාරි (PHOTOS)

“ටික දුරක් ගිහිල්ලා ඇහුවා වැස්සනෙ අපි ටිකක් නතර කරන් ඉඳලා යන්ද කියලා..” - රටම කතා කළ සිදුවීම ගැන පළමු වරට හඬ අවදි කළ නිළි කවිහාරි  (PHOTOS)

කෙටිම කෙටි කාලයකින් ක්ෂේත්‍රයට පිවිස, ජනප්‍රියම නිළියන්ගේ නම් ලැයිස්තුවේ ඉහළින් වැජඹෙන්න තරම් වාසනාවන්ත වුණු සුන්දර යුවතියකි ''කවිහාරි හපුතන්ත්‍රී''

 

කවිහාරිට ඇති සුන්දර රූපය කවුරු අතරත් නිතර කතාබහට ලක්වන්නක්.

 

ඒ තරමට හුරුබුහුටි, ආකර්ෂණීය රූපයක් ඈ සතුයි.

 

 

පහුගිය කාලයේ කවිහාරි ගැන වැඩියෙන්ම කතාබහට ලක්වෙන්න ගත්තේ, ඈට මුහුණ පාන්න වුණු අනපේක්ෂිත සිදුවීමක් නිසාවෙන්.

 

මෙතෙක් ඒ ගැන ප්‍රසිද්ධ මාධ්‍යයේ කතා නොකළ ඈ, පහුගිය දවසක ජනප්‍රිය යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී මෙලෙස අදහස් දක්වා තිබුණා.

 

''එදා ඉවෙන්ට් එකක් තිබුණා. මම ඒකට යන ගමන් හිටියෙ. ඒ වෙලාවෙ හයියෙන් වහිනවා. හවස 6ට විතර මම පික්මී එකක් දාලා කාර් එකක් දානවා දානවා නෑ.. වැස්සත් එක්ක. තිබ්බෙ ත්‍රීවීල් විතරයි. මම ඉතින් ත්‍රීවිල් එකක් දැන්මා. මම නැග්ගා ත්‍රීවිල් එකට. ත්‍රීවිල් එකත් කළු පාටයි. වැස්ස නිසා දෙපැත්තම කවර් කරනවනෙ. ත්‍රීවිල් එකට නැග්ග ගමන් ඒ මනුස්සයා ඇහුවා මේ ඔයාගෙ ගෙදරද ? කියලා. එහෙම අහන්නෙ නෑනෙ.. ඊට පස්සෙ මම ඇහුවා ඔව් ඇයි කියලා. ඊට පස්සෙ මුකුත් කිව්වෙ නෑ. ටික දුරක් ගිහිල්ලා වැස්සනෙ අපි ටිකක් නතර කරන් ඉඳලා යන්ද කියලා ඇහුවා.

ඊට පස්සෙ මම කිව්වා මට බෑ මට පරක්කු වෙලා තියෙන්නෙ ඒ නිසා ඉක්මනට එක්කන් යන්න කියලා. ඊට පස්සෙ මගෙන් ඇහුවා මේ යන පාර ඔයා දන්නවද එහෙම.. එතකොට මට දැනුනා අනන් මනන් ඒවට තමයි එන්නෙ කියලා. ඊට පස්සෙ මම මගේ ලයිව් ලොකේෂන් ශෙයාර් කළා ප්‍රඩක්ෂන් මැනේජර්ටයි මගේ හොඳම යාළුවාටයි. මම ඒ දෙන්නටම මැසේජ් එකක් දැන්මා මේ මනුස්සයා එක එක ප්‍රශ්න අහනවා වැස්ස නිසා මට බහින්නත් බෑ මට පරක්කුත් වෙලා තියෙන්නෙ ඔයාලා ලයිව් ලොකේෂන් එක බලාගෙනම ඉන්න කියලා මම කිව්වා.

 

 

ටික දුරක් ගිහින් මේ මනුස්සයා ආයෙ ඇහුවා අපි නතර කරන් ඉමුඳ එහෙම කියලා. පස්සෙ මම බෑ කියලා මගෙ යාළුවට කෝල් එකක් ගත්තා. කෝල් එක ගන්නවත් එක්කම මේ මනුස්සයා ටික දුරක් ගිහිල්ලා ඇතුල් පාරකට දාලා ටුක් එක නතර කළා. නතර කළාට පස්සෙ දැන් මං වෙව්ලනවා. මම තනියමනෙ ත්‍රීවිල් එක ඇතුළෙ. හයියෙන් වහිනවයි.. ලයිට්ස් අනන් මනන් මුකුත් නෑ.. ඊට පස්සෙ මගෙ යාළුවා කිව්වා ඔයා ශේප් එකේ කවර් කරලා තියෙන එක පැත්තක් අරින්න කෝකටත් හොඳයිනෙ කියලා.

 

ඊට පස්සෙ මම අර මනුස්සයාගෙන් ඇහුවා ඇයි ඔයා මේක නතර කළේ මට අරහෙට යන්න ඕනි කියලා. ඒ මනුස්සයා කන්න වගේ මගෙ මූණ දිහා බලාගෙන හිටියා පිටිපස්ස හැරිලා. ඊට පස්සෙ මම තෙමි තෙමී හරි මං පනිනවා කියලා හිතාගෙන අර ශිප් එක අරිනවත් එක්කම අර මනුස්සයා බැහැලා පිටිපස්සට ඇවිත් මට කරදර කරන්න පටන් ගත්තා. එයා හරි චූටි.. මම උස මහතයිනෙ. එයාට මාත් එක්ක හැප්පෙන්න බෑ. මම කොහොම හරි දඟලලා එයාව තල්ලු කරලා ත්‍රීවිල් එකෙන් එළියට පැන්නා. එළියට පැනලා මම දිව්වා.

 

 

මගෙ අතේ ෆෝන් එක තිබුණා. හැබැයි මට බෑග් එක ගන්න බැරි වුණා. ඊට පස්සෙ නඩු ගියා. ඒ මනුස්සයා පික්මී ඩ්‍රයිවර් කෙනෙක් වුණාට අල්ලස් දූෂණ විමර්ශන ඒකකයේ වැඩ කරන කෙනෙක් සහ එයා ලෝයර් කෙනෙක්. පාට් ටයිම් තමයි පික්මී ඩ්‍රයිව් කරන්නෙ. තාම නඩු යනවා. බෑග් එක හම්බුණේ නෑ. එයා පොලීසියට කියනවලු මම සල්ලි දෙන්න බෑ කියලා එයා ත්‍රීවිල් එක ස්ලෝ කරද්දි එළියට පැනලා දිව්වා කියලා. මම පේමන්ට් එක දාලා තිබ්බෙත් කාඩ් පේමන්ට්...

 

ඊට පස්සෙ මම ගෙදරත් මාරු කළා. මොකද ඒ මනුස්සයා ගෙදරත් දැක්කා... යතුරත් තියෙනවා.. මම ඉතින් ගෙදරම මාරු කළා...''

views

2819 Views

Comments

arrow-up