“තාත්තා කියන්නේ මගේ හෙවණැල්ල...” - සදහටම නික්ම ගිය ආදරණීය පියාණන්ගේ ආදරය ගැන ඩිල්ෂාන් කියූ කතාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
13

“තාත්තා කියන්නේ මගේ හෙවණැල්ල...” - සදහටම නික්ම ගිය ආදරණීය පියාණන්ගේ ආදරය ගැන ඩිල්ෂාන් කියූ කතාව (PHOTOS)

“තාත්තා කියන්නේ මගේ හෙවණැල්ල...” - සදහටම නික්ම ගිය ආදරණීය පියාණන්ගේ ආදරය ගැන ඩිල්ෂාන් කියූ කතාව (PHOTOS)

මෙරටින් බිහිවුණු සුපිරිතම ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙ ලැයිස්තුවේ ඉහළින්ම ඇති නමකි, තිලකරත්න ඩිල්ෂාන්.

 

පහුගිය දිනවල ඔහු පිළිබඳව වැඩි කතාබහක් ඇති වුණා.

 

ඊට හේතුව බවට පත්වුණේ ඔහුගේ ආදරණීය පියා දිවි ගමන නිම කිරීම.

 

පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහු නමින්, තුවාන් මොහොමඩ් ජුනෙයිඩීන්.

 

පියාගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් පසු ඩිල්ෂාන්, පියාණන්ගේ ආදරණීය මතකය අවදි කර තිබුණේ මෙලෙසයි...

 

''තාත්තා කියන්නේ මගේ ක්‍රිකට් ජීවිතයේ හෙවණැල්ල.

පොඩි කාලේ ඉඳලා අපි වෙනුවෙන් වෙන්න ඕන හැම දෙයක්ම නොපිරිහෙලා ඉටු කරපු හැටි මට මතක් වෙනවා.

තාත්තා නිසා තමයි මට මෙච්චර දුරක් ක්‍රීඩාවෙන් යන්න පුළුවන් වුණේ.

එයාගේ ශක්තියෙන් ධෛර්යයෙන් තමයි මගේ ක්‍රිකට් ජීවිතය එළිය වුණේ..''

 

 

ඩිල්ෂාන් සිය පවුලට හරි ලැදියාවක් දක්වන ආදරණීය සැමියෙක්. පියෙක්..

 

ඔහුට ඒ පුරුද්ද ඇවිත් තියෙන්නෙත් සිය පියාගෙන්..

 

‘මමයි, මල්ලියි (ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න සම්පත්) නංගිලා තුන්දෙනයි. දරුවෝ පස්දෙනා ලොකු මහත් කරන්න තාත්තා ලොකු කැපවීමක් කළා.

අපේ පවුල එකට ගොඩ නැඟුවේ තාත්තා.

පොලිස් නිලධාරියකුට ලොකු වැටුපක් ලැබෙන්නේ නෑ. මුල් කාලේදී අපි ගොඩාක් දුක් වින්දා.

කුලියට ගෙවල් අරගෙනයි ජීවත් වුණේ. පවුල නඩත්තු කරන්න සෑහෙන්න වෙහෙසක් ගත්තා.

ඒත් ඒ දුක අපිට දැනෙන්න තාත්තා ඉඩ තිබ්බේ නෑ.

හැම තිස්සෙම පුළුවන් හැටියට අපිව රැක බලා ගත්තා.

තාත්තාගෙන් මම ජීවිතයට එකතු කරගත්තු දෙයක් තමයි පවුලට ගොඩාක් ආදරය කිරීම.

තාත්තා කොහේ ගියත් රෑ වෙද්දී පුළුවන් තරම් ඉක්මනට ගෙදර එන්න තමයි බැලුවේ.

ඒ පුරුද්ද මටත් ඉබේටම ඇතිවුණා. ප්‍රැක්ටිස්වලට ගියාම මමත් පුළුවන් තරම් ඉක්මනට ගෙදර එන්න පුරුදු වුණේ තාත්තා නිසයි.

එයා කොහේ හරි සාදයකට ගිහින් ආහාර ගත්තත්, ගෙදර එද්දී කොහෙන් හරි අපිට කන්න මොනව හරි අරගෙන එනවා.‘

 

 

තාත්තා කියන්නෙම ආදරයට තවත් සමාන පදයක්.

 

තමන්ගේ පවුලෙන් එහා ඔවුන්ට ජීවිතයක් නැති තරම්..

 

‘තාත්තා ගැන අමතක වෙන්නේ නැති සිදුවීම ගොඩාක් තියෙනවා.

 

අපි යාපනයේ ඉන්න කාලේ අපිව හැමදාම උදේට පාසල් යන්න යාල්දේවි කෝච්චියට ඇරලවනවා.

මොන රාජකාරි තිබ්බත් දවල්ට එක්කරගෙන යන්න එනවා.

හැම තිස්සෙම අපේ පස්සෙන් හිටියේ.

ඒකට අපේ අම්මාගෙනුත් ‘(නන්දනී ප්‍රියලතා) ලොකු ශක්තියක් ලැබුණා.

ඒ දෙන්නා අවුරුදු 50කට කිට්ටු වෙන්න කාලයක් අන්තිම මොහොත දක්වාම පුදුම ආදරයකින් බැඳීමකින් හිටියේ.

මට මගේ බිරියගෙන් ලොකු ආදරයක් ලැබෙනවා වගේම අපේ තාත්තාටත් අම්මාගෙන් ලොකු ආදරයක් ලැබුණා.

අම්මා ටවුමට ගියත් තනියෙන් යවන්නේ නෑ. තාත්තාත් පස්සෙන් යනවා.

දරුවන්ගේ පස්සෙනුත් හිටියේ ඒ වගේමයි.

අපි විවාහ වෙලා ගෙදරින් යනකල්ම, ගියාට පස්සෙත් අපි ගැන නිතර නිතර හොයලා බලනවා.

අද එයාගේ දරුවෝ පස්දෙනාම හොඳ තත්ත්වයක ඉන්නවා.

තාත්තාට මුනුපුරු මිනිපිරියනුත් 15ක් ඉන්නවා.

එයාලගෙත් ආදරය විඳලයි තාත්තා ජීවිතයෙන් සමුගත්තේ.''

උපුටාගැනීම් : සිළුමිණ 

 

 

 

 

views

475 Views

Comments

arrow-up