“බක්මහට ... වගේ ඉන්න ගෑනුන්ව ෆෝම් කරන්න හදන එක ගැන කණගාටුයි...” - අලුතෙන් එන ගායිකාවන්ට ශෙරිල්ගෙන් සැර කතාවක් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
07

“බක්මහට ... වගේ ඉන්න ගෑනුන්ව ෆෝම් කරන්න හදන එක ගැන කණගාටුයි...” - අලුතෙන් එන ගායිකාවන්ට ශෙරිල්ගෙන් සැර කතාවක් (PHOTOS)

“බක්මහට ... වගේ ඉන්න ගෑනුන්ව ෆෝම් කරන්න හදන එක ගැන කණගාටුයි...” - අලුතෙන් එන ගායිකාවන්ට ශෙරිල්ගෙන් සැර කතාවක්  (PHOTOS)

රුවන් හෙට්ටිආරච්චි සිය ෆේස්බුක් ගිණුමට එක්කාසු කළ එක්තරා මත විමසුමක් එහෙමත් නැත්නම් ඔහුගේ අදහස් දැක්වීමක් මේ වෙද්දි සමාජ මාධ්‍යයේ ලොකු කතාබහක් ඇති කරලා.

 

මේ ඔහු එක්කාසු කර තිබූ සටහන...

 

''තමන්ටම කියලා ගීත ටිකක් හාදා ගත්තොත් හොදයි නේද මේ අළුතින් එන ගායිකාවෝ ?

අනුන්ගේ ගීත ගායනා කරලා ෂෝ වලට නැගලා artist ලා කියලා පෙන්නන්න දගලන්නේ නැතුව.

එහෙම උනොත්තින් මේ කලාව හොද ප්‍රමිතියක් ඇතිව ඉදිරියට යයි කියලා මගේ අදහසයි.

(ඊර්ෂ්‍යාවකට නම් නොවේ) ඔගේ අදහස ?''

 

ඉතින් මේ සටහනට පක්ෂව වගේම ඊට විරුද්ධවත් බොහෝදෙනා අදහස් දක්වලා තිබුණා.

 

මෑත කාලීනව මෙරට සංගීත ක්ෂේත්‍රය ආශ්‍රිතව ආන්දෝලනාත්මක කතා කිහිපයක්ම පැතිර ගිය උණුහුම මැකී යන්නත් පෙරම, රුවන් හෙට්ටිආරච්චි පළකළ මෙම මතය සෑහෙන කතාබහක් මතුකර ඇති හැඩයි.

 

 

මේ අතර ඔහුගේ සටහන පළකිරීමෙන් අනතුරුව ශෙරිල් ද තරමක සැර සටහනක් තබා තිබුණා.

 

ඒ සංගීත ක්ෂේත්‍රය ගැන සේම ඇගේ ක්ෂේත්‍රය වුණු රංගනය ගැනත් අදහස් දක්වමින්...

 

''මේක මගේ පෞද්ගලික අදහස music field හරිම ගෞරවාන්විත field එකක්

මේ වෙනකන් field එක ලස්සනට ආවා

music දැනුම ඇති හරි ලස්සන මිනිස්සු ලස්සනට මේක අරන් ආවා.

සමහර bands මේ වගේ සංගීත දැනුමක් නැති field එක ගැන කිසිම දැනුමක් නැති බක්මහට හෙනගහලා වගේ ඉන්න ගෑනුන්ව form කරන්න හදන එක ගැන කණගාටුයි.

Copy කළ හැක සමකළ නොහැක කියලා කතාවක් තියනවානේ.

ඉතින් ඉස්සරහට මේ fied එකට එන්න හදන දක්ෂ ළමයින්ට ලොකු අසාදාරනයක් වෙනවා ඇත්තටම.

අපේ රංගන field එකත් දැන් මෙහෙම වෙලා ඉවරයි.

මේකේ අමුතු favouration තියෙන්නෙ.

මේක මගේ field එකට වෙලා ඉවරයි music field එකට නම් වෙන්න දෙන්න එපා.

මේක හැමෝම වෙනුවෙන් දාන දෙයක් මොකද සමහර අය බයයි වැඩ නැතුව යයි කියලා.

මම හැමදාම කෙලින් කතාකරන කෙනෙක් .

මම - ෂෙරිල් ඩෙකර් ''

 

 

කොහොම නමුත් දෙදෙනාගේම මේ අදහස් දැක්වීම් මේ වෙද්දි සමාජ මාධ්‍යයේ තරමක උණුසුම් කතාබහක් ඇති කරලා කිව්වොත් හරි...

 

 

views

5146 Views

Comments

arrow-up