නිළි දිනක්ෂි ප්‍රියසාද් මලයාලම් සිනමාවට?? - මෙයානම් මේ විදියට කොහොමත් ගැළපෙන්නේ ඉන්දියාවටම තමයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

නිළි දිනක්ෂි ප්‍රියසාද් මලයාලම් සිනමාවට?? - මෙයානම් මේ විදියට කොහොමත් ගැළපෙන්නේ ඉන්දියාවටම තමයි (PHOTOS)

නිළි දිනක්ෂි ප්‍රියසාද් මලයාලම් සිනමාවට?? - මෙයානම් මේ විදියට කොහොමත් ගැළපෙන්නේ ඉන්දියාවටම තමයි (PHOTOS)

නිතර නිතර නිර්මාණ ඔස්සේ දකින්න නොලැබුණාට මොකද, දිනක්ෂි ප්‍රියසාද් කියන්නෙ ජනප්‍රියත්වයේ ඉහළම ඉන්න තාරකාවක්.

 

ඒකට ලොකුම හේතුව මතකයේ රැඳෙන චරිත එක්ක රසිකයින් හමුවට පැමිණීම සහ ඇගේ සමාජ මාධ්‍ය භාවිතාව.

 

දිනක්ෂි සමාජ මාධ්‍යයේ හරිම සක්‍රීය චරිතයක්.

 

ඇය සිය සැමියා වන සාරංගගේ ජනප්‍රියත්වය එක්ක බැබළෙන තාරකාවක් නොවීමත් විශේෂයි. දිනක්ෂිට තියෙනවා තමන්ටම කියලා අනන්‍ය වුණු හැඩයක්.

(දැන් නම් සාරංග - දිනක්ෂි කාටත් වඩා සාරණ්‍යා ජනප්‍රිය එක වෙන ම කාරණාවක්)

 

එහෙම තමන් ගොඩනඟා ගත් ජනප්‍රියත්වය එක්ක සාර්ථක ගමනක් යන ඇය නිරූපණ කටයුතු තුළත් නම දිනූ තාරකාවක්.

 

ඉතින්, සමාජ මාධ්‍යයේ එහා මෙහා යන අපේ ඇස මදකට නතර කළ මලයාලම් සිනමා සිත්තමකට සමාන රූප රාමු කිහිපයක් තමයි මේ.

 

බලන්නකො කවුද මේ රූප රාමු හැඩ කරලා තියෙන්නෙ කියලා.

 

 

දිනක්ෂි ඇත්තටම ඉන්දීය සිනමා තාරකාවක් වගේ නේද...

 

 

ඡායාරූප එකතුව වෙනුවෙන් ඈ සැරසී ඉන්න සාරි විලාසිතාව කාගෙත් කතාබහට ලක්වෙලා.

 

ගොඩක් අයගෙ අදහස ඇයගේ පෙනුම දමිළ සිනමාවට ගැළපෙන බව.

 

ඔන්න ඒ කතාව තවත් තහවුරුයි සාරංගගේ ප්‍රතිචාරයත් එක්ක.

 

 

සම්පූර්ණ ඡායාරූප එකතුව පහතින්....

 

 

 

 

 

views

1319 Views

Comments

arrow-up