“වෙන්වීම අප සැමට කම්පනයක් ඇති කළා” - ආදිත්‍ය - අනන්‍යා පෙම් කතාව නිමාවෙයි ?? (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
07

“වෙන්වීම අප සැමට කම්පනයක් ඇති කළා” - ආදිත්‍ය - අනන්‍යා පෙම් කතාව නිමාවෙයි ?? (PHOTOS)

“වෙන්වීම අප සැමට කම්පනයක් ඇති කළා” - ආදිත්‍ය - අනන්‍යා පෙම් කතාව නිමාවෙයි ??  (PHOTOS)

ආදිත්‍ය රෝයි සහ අනන්‍යා පාණ්ඩේ වෙන්වෙලා කියලා කතාවක් යනවා.

 

බොම්බේ ටයිම්ස් වාර්තාවකට අනුව, යුවළ වෙන්වෙලා තියෙන්නෙ මාර්තු මාසයේදී.

 

දෙන්නා වෙන්ව ඇති බවට හැමතැනම කතා පැතිරෙන්න අරන් තියෙනවා වුණත්, ඔවුන් තවම ඒ ගැන නිල වශයෙන් කිසිම ප්‍රකාශයක් කරලා නැති බවයි ඉන්දීය ආරංචි මාර්ග අනාවරණය කරන්නෙ.

 

කොහොම නමුත් ආදිත්‍ය - අනන්‍යා සුහදත්වය නම් තවම එහෙමම බව සඳහන්.

 

ඔවුන්ගේ වෙන්වීම ගැන බොම්බේ ටයිම්ස් වෙත දෙදෙනාගේම සමීපතම මිතුරෙකු මෙලෙස අදහස් දක්වා තිබුණා.

 

''ඔවුන් වෙන් වූයේ මාසයකට පමණ පෙර. වෙන්වීම අප සැමට කම්පනයක් ඇති කළා.

ඔවුන් එකිනෙකා සමඟ සුහදව සිටියි.

ආදිත්‍ය උත්සාහ කරන්නේත් පරිණතව තත්ත්වයට මුහුණ දෙන්න.

අනන්‍යා ඇගේ නව ලොම් සහිත මිතුරිය සමඟ කාලය ගත කරනවා...''

 

 

පසුගිය මාසයේ අනන්‍යා පාණ්ඩේ සිය ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරිවල බෙදාගත් සටහනක් ද දෙදෙනාගේ වෙන්වීම ගැන කතා මතුකරන්න හේතුවෙලා.

 

"සැබවින්ම ඔබ වෙනුවෙන් අදහස් කරන්නේ නම්, එය ඔබ වෙත ආපසු එනු ඇත...''

 

ආදිත්‍ය - අනන්‍යා කිසි විටෙකත් ඔවුන්ගේ සම්බන්ධතාවය ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළත්, ඔවුන් විවිධ අවස්ථාවලදී එකට හමුව තිබීම බොහෝ කතා නිර්මාණය කර තිබුණා.

විශේෂම කාරණය නම් ඔවුන් දෙදෙනා කිසි විටෙකත් ඔවුන්ගේ සම්බන්ධතාවය තහවුරු නොකළා සේම ප්‍රතික්ෂේප ද නොකිරීම.

 

views

2683 Views

Comments

arrow-up