පාසල් දරුවො දැක්කාමත් ඇඹරෙන සමහර රියදුරන්, කොන්දොස්තරවරුන් අතරෙ මේ වගේ දෙවිවරුත් ඉන්නවා (PHOTOS)

තමන් කරන රැකියාවට උපරිම ගෞරවයක් දෙන මිනිස්සු ගැන ඔබ අහලා ඇති.
ඒ වගේම තමන් කරන රැකියාව එක්ක මනුස්සකම, ආදරය, දයාව, අනෙකා කෙරෙහි සංවේදී වීම වැනි කාරණා එක්කාසු කරන මිනිස්සු ගැනත් ඔබ අහලා ඇති.
මේ කියන්න යන කතාවත් ඊට කදිම නිදසුනක්.
කතාව අපේ ඇස ගැටුණේ සමාජ මාධ්‍යයෙන්. එතකොට මේ කතාව ඇහෙන්නෙ මොනරාගල ප්‍රදේශයෙන්.
බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් ගැන බහුතරයකට එතරම් පැහැදීමක් නැති තරම්නෙ.
ඒ නිසාම ''බස්කාරයා'' ''කොන්දොස්තරකාරයා'' වගේ වචන කියවෙන තැන් එමටයි.
නමුදු ඒ අතර නියම ''මහත්වරුන්'' නැතුවාම නෙවෙයි.
මේ කතාව කියවලා බැලුවොත් ඒ බව තවත් ඔබට ප්රත්යක්ෂ වේවි...
''උදේ පාන්දරම මොනරාගල ඩිපෝවේ සුන්දර මිනිසුන් දෙදෙනෙකු හමුවීම පුදුම සතුටක්.
මෙවැනි සුන්දර හිත් ඇති මිනිසුන් සිටින රටකට මෙසේ වූයේ ඇයි දැයි මම නොදනිමි.
අද සා/පෙළ විභාගයේ ආරම්භක දිනය.
වෙලාව පෙරවරු 07.13 මොණරාගල රාජකීය විදුහල ඉදිරිපිටදි බසය නතර වූයේ විභාගයට මුහුණ දීමට පැමිණි පාසල් දරුවන්ට බසයෙන් බසින්නටය.
බසයෙන් දරුවන් බසින්ට සූදානම්වත්ම සියලුම දරුවන්ට බස් රථයේ ඉදිරියට පැමිණෙන ලෙස දැනුම් දුන්නේ රියදුරු මහතා හා කොන්දොස්තර මහතායි.
දරුවන් එක පෙළට ඉදිරියට එද්දී රියදුරු මහතා සිනාසී කීවේ මම එන්න කිව්වේ සෙල්පියක් ගහන්න කියායි.
මගේ අවධානය ඒ දෙසට යොමු වූයේ එවිටයි.
සියලුම දරුවන්ට යම් දෙයක් බෙදා දෙන්නට විය.
මම හිඳගෙන සිටි තැනින් නැඟිට ඉදිරියට ගියේ සිදු වන්නේ කුමක්ද යන්න සොයා බැලීමටයි.
නෙතට කඳුලක් උනන සිදුවීමක් සිදුවනු දැකගත හැකිවිය.
වසර 11ක් තම බසයෙන් පාසලට රැගෙන පැමිණි දරුවන්ට විභාගය ලිවීමට පෑන් දෙකක් හා පැන්සල බැගින් තම දහඩිය මහන්සියෙන් උපයා ගත් මුදලින් හදවතේ ගැඹුරුම තැනින් නැගෙන්නාවූ දරු සෙනෙහසින් බෙදා දෙන්නට විය.
රැපියල් ශත වෙනුවෙන් මරා ගන්නා බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් අතර සුන්දර මෙවැනි මිනිසුන් සුන්දර මොනරාගලින් අද දැකගත හැකිවිය.
මෙවැනි සුන්දර මිනිසුන් යටතේ වසර 11ක් පාසල වෙත පැමිණීමට ඒ දරුවන්ද වාසනාවන්ත වන්නට ඇති.
බස් රථය මැදගම සිට මොණරාගල මහානාම විද්‍යාලය දක්වා ධාවනය වන මොණරාගල ඩිපෝවට අයත් බස් රථයකි.
රියදුරුගේ අවසරය සහිතව මම බැස යන ස්ථානයේදී බස් රථයේ ඡායාරූපයක්ද ලබාගැනීමට හැකිවිය.
මම බස් රථයෙන් බැස යන විටදී රියදුරු මහතා පව් මහත්තයා එක වසරේ ඉඳලම මේ බස් එකේ ඉස්කෝලෙට ආවේ යැයි පැවසුවේ තම දරුවන් පිළිබඳ හිතේ ඇති ආදර දයාව මුසු කර ගනිමිනි.
අද දවසේදී හමු වු සුන්දර මිනිසුනි....
රියදුරු දෑතට මෙන්ම කොන්දොස්තර දෑතට බුදු සරණයි .....''
944 Views
Comments