සුවසැරියෙන් රැගෙන යාම ප්‍රතික්ෂේප කළ රෝගියාට අවමංගල රථයේදී පණ ආ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

සුවසැරියෙන් රැගෙන යාම ප්‍රතික්ෂේප කළ රෝගියාට අවමංගල රථයේදී පණ ආ හැටි

සුවසැරියෙන් රැගෙන යාම ප්‍රතික්ෂේප කළ රෝගියාට අවමංගල රථයේදී පණ ආ හැටි

මියගියා යයි පවසා සුවසැරියෙන් ගෙන යාම ප්‍රතික්ෂේප කළ රෝගියකු මරණ පරීක්ෂණය සඳහා අවමංගල රථයකින් රෝහලට ගෙන යන අතරතුර පණ ආ අපූරු පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබෙනවා.

 

හදිසි අසනීප තත්වයක් නිසා සිහිමූර්ඡා වී සිටි රෝගියකු රෝහලට ගෙන යාම සඳහා නිවැසියෝ සුවසැරිය රථයට දුරකතන ඇමතුමක් ලබා දී තිබෙනවා.

 

ඒ අනුව ක්‍රියාත්මක වූ සුවසැරිය ගිලන් රථයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇති අතර රෝගියා පරීක්ෂා කර බලා ඔහු මියගිය බව සදහන් කර තිබෙනවා.

 

මියගිය අයෙකු සිය රථයෙන් ගෙන නොයන බවයි ඔවුහු සදහන් ඇත්තේ.

 

ඒ අනුව මියගියා යයි කියන තැනැත්තාගේ සිරුර හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා මල් ශාලාවකින් අවමංගල රථයක් ගෙන්වාගෙන රෝහලට රැගෙන යාමට නිවැසියන් කටයුතු කර ඇති අතර මියගියා යයි අවමංගල රථයට දමා සිටි පුද්ගලයා කැස්සක් සමග කටින් සෙම පිටකර තිබෙනවා.

 

පසුව මෙය දුටු අවමංගල රථයේ අය මේ තැනැත්තා ජීවත්වනු ඇතැයි සිතා අවමංගල රථයෙන්ම රෝහලට ගෙන ගොස් ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

views

404 Views

Comments

arrow-up