කරන්දෙණියේ මහජන සෞඛ්‍ය පරික්‍ෂක ඝාතනයේ සැකකරු කටුනායක දී කොටුවූ හැටි

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා වෙඩි තබා මරා දැමීම ඇතුළු තවත් මිනීමැරුම් ගණනාවක් සදහා පොලිස් විමර්ශන සදහා අවශ්‍යව සිටි ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙනත් නමකින් කූඨ ලෙස සකස් කර ගත් ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඩුබායි බලා පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී , ස්වයංක්‍රීය මුහුණු හදුනා ගැනීමේ පද්ධතිය ( Facial Recognition System ) මගින් හදුනා ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (06) රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ.
ඔහු ඇල්පිටිය , කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පත්තිනි දේවගේ තිවංක මනෝහර නැමැති අයෙකි.
ඔහු මෙරටින් පළා යාම සදහා මදුරදූවගේ දිල්ෂාන් මධුසංඛ ද සිල්වා යන ව්‍යාජ නමකින් කූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍රයක් සකස් කර ගෙන තිබුණි.
ඔහු කළක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කර , එය හැර ගිය අයෙකි.
මොහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා වෙඩි තබා මරා දැමීම සදහා ඔත්තු බැලූ බවට පොලිසිය විසින් කරුණු අනාවරණය කර ගෙන තිබේ.
ඔහු ඊයේ (06) දින රාත්‍රී 07.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී මෙසේ ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්යය බළකායේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක් 05/07 දින අලුයම 05.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ මොහු වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ගියහ .
295 Views
Comments