“කෙල්ලෙක් වෙලත් ජීවිතේ ගොඩදාගන්න සෑහෙන්න මහන්සි වුණා” - ආදරණීයයන් හඬවා යන්නම ගිය සුන්දර යුවතිය (PHOTOS)

'දිමාගි හිමංසා''
මේ මොහොත වෙද්දිත් සමාජ මාධ්‍ය වේදිකාවන්හි හුවමාරු වන සුන්දර රූපය ඇය.
ඈට කවුරුත් ආදරේට කියන්නෙ ''දිමා''
අතිශය ආකර්ෂණීය රූපයකට හිමිකම් කියූ ඈ සමාජ මාධ්‍යයේ වඩාත් ජනප්‍රිය චරිතයක්.
ඒ, ඇය ඔන්ලයින් බිස්නස් කරන යුවතියක් හැටියටත් නිරූපණ ශිල්පිනියක් හැටියටත්.
එලෙස ජනප්‍රිය චරිතයක් වුණු ඇය පහුගියදා අවාසනාවන්ත අන්දමින් ජීවිතය හැර යන්නේ ඈට ආදරේ කළ කාගෙත් හදවත් සසල කරවමින්. කම්පනය කරවමින්.
වාර්තා වුණු ආකාරයට ඇගේ මරණය සිදුව තිබුණේ උඩු මහලින් බිමට පැනීම නිසාවෙන් සිදු වූ අනතුරක් හේතුවෙන්.
මරණයට හේතුව කුමක් වුවත් මේ සුන්දර රුවැත්තිය සමාජ මාධ්‍යයේ කාගෙත් ආදරයට පාත්‍රව තිබුණා.
''නිවන්සුව අක්කේ Dimagi
තාමත් හිතාගන්න බෑ මෙහෙම දෙයක් වුනාද කියලා
කවුරුත් news එක දැක්කාට ඔයා ඒ තත්වෙට වැටුනේ කොහොමද කියලා කවුරුත් හොයන් නෑ.
කෙල්ලෙක් වෙලත් ජීවිතේ ගොඩදාගන්න සෑහෙන්න මහන්සි වුණා මං දැකලා තියනවා.
මං කියලත් තියනවා ඔයාට. ඔයා මාරයි අක්කේ. ඔන්ලයින් බිස්නස් ,මොඩ්ලින්,තව ඩ්‍රසින් කරනවා. ඔක්කොම කරනවා නේද.
ඉක්මනින් ගොඩයන්න ලැබෙන්නම ඕනි කියලා
තාම shock මට මේ නිව්ස් එක අහලා
ඔයාගේ හොද හිත ඔයා හොද තැනකට ගෙනියයි අක්කේ. නිවන් සුව''
දිමා නමින් ලියවෙන සටහන් බොහෝයි. ඇගේ හොඳ හිත ගැන ලියවෙන කතා බොහෝයි.
ඒ අතර ඇය කියා දී ගිය පාඩමේ වටිනාකම ඊට වැඩියි.....
''හරි කෙනා හරි සමාජේ හරි යාලුවෝ මුණ ගැහුනනම් අද මෙහෙම වෙන්නේ නෑ
ලස්සන රූපයක් ලස්සන හිනාවක් තියුනු ඇස් දෙකක්..
අද එලෙස යන්න ගිය.... නිවන් සුව සොයුරිය...''
මේ ආදරණීය දිමා වෙනුවෙන් තැබුණු සටහන්වලින් කිහිපයක්...
489 Views
Comments