විලී වොන්කාගේ ගෝල්ඩන් ටිකට් සිහියට ගෙන ආ චන්දිමාල්ගේ රාජකීය උපන්දින ඇරයුම්පත (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

විලී වොන්කාගේ ගෝල්ඩන් ටිකට් සිහියට ගෙන ආ චන්දිමාල්ගේ රාජකීය උපන්දින ඇරයුම්පත (PHOTOS)

විලී වොන්කාගේ ගෝල්ඩන් ටිකට් සිහියට ගෙන ආ චන්දිමාල්ගේ රාජකීය උපන්දින ඇරයුම්පත (PHOTOS)

චන්දිමාල් ජයසිංහ කියන නම රූපලාවණ්‍ය ක්ෂේත්‍රය එක්ක වඩාත් ජනප්‍රිය වුණත්, ඔහු ගැන වැඩි කතාබහක් ඇති වෙන්නෙ සිය "රාජකීය උපන්දින සාදයත්" එක්ක.

 

චන්දිමාල්ගේ උපන්දින සාදය කියන්නෙ, බොහෝදෙනා එනකල් මඟ බලාගෙන ඉන්න තරු පිරි රාත්‍රියක්.

 

එදාට ඇරයුම් ලබන්නේ කවුද ,තරු විලාසිතා ගැන එහෙම කවුරුත් ඇහැ ගහගෙන බලාගෙන ඉන්නෙ.

 

විශේෂයෙන්ම සමාජ මාධ්‍යයේ නම් සති ගාණක් යනකල් කතා කරන මාතෘකාව "චන්දිමාල්ගේ බර්ත්ඩේ පාටිය"

 

 

සැලකිය යුතු වියදමකින්, තරු පිරිවරාගෙන වාර්ෂිකව පවත්වනු ලබන මේ ආකර්ෂණීය මොහොත ,කතා කරන්නම වටින වැඩක් !

 

මෙවරත් මැයි 31 සූදානම් රාජකීය උපන්දින සැමරුමට.

 

සමාජ මාධ්‍යයේ එහා මෙහා යන අතරතුර ඊට ලද ඇරයුම්පත ළඟ අපේ ඇසත් නතර වුණා.

 

 

මේක දැක්කාම හිත ඈත අතීතයට දිව ගියා නේද ??

 

''Charlie and the Chocolate Factory'' ෆිල්ම් එකේ, විලී වොන්කා දුන්නු ගෝල්ඩන් ටිකට් එක !!

 

අන්න ඒ සොඳුරු අතීතය සිහිගන්වන උපන්දින ඇරයුම්පතකි මේ...

 

 

වොන්කගේ ටිකට් එක වගේම තමයි ,මේ ටිකට් එකත් (Golden VVIP Invitation) හැමෝටම ලැබෙන්නෙ නෑ.

 

මෙවර එය නම් වන්නේ ''CJ royal birthday gala 2024'' නමින්.

 

එහෙනම් අපි බලාගෙන ඉමු, තරු විලාසිතා පිරි සුපිරි රාත්‍රිය උදාවෙනකල්....

 

 

views

3031 Views

Comments

arrow-up