සුපිරි නළු සල්මන්ට වෙන්න යන කරදරයක් ගැන අනාවරණයක් - ලංකාවේ නමත් ගෑවෙයි

බොලිවුඩ් සිනමාවට කැමති බොහෝ දෙනක් ආස චරිතයක් තමයි සල්මන් ඛාන් කියන්නේ.
ඔහුගේ සිනමාපටවලට බොහෝ ඉන්දියානුවන් වගේම ශ්‍රී ලාංකිකයිනුත් පුදුමාකාර කැමැත්තක් දක්වන්නේ.
පසුගියදා ඔහු ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වුණා.ඔහුට කිසිදු හානියක් සිදු නොවුනත් මේ ගැන පරීක්ෂන දිගින් දිගටම සිදු වුණා.
මේ නැවතත් එවැනි ප්‍රහාරයක් ගැන ඇසෙන පුවතක්.
ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් ඝාතනය කර ශ්‍රී ලංකාවට පැනයාමේ සැලසුමක් පිළිබඳ ඉන්දීය පොලීසිය විසින් හෙළිකර තිබෙනවා.
මෙම ඝාතන සැලසුම දියත් කර තිබුණේ පකිස්ථානයෙන් ගෙන්නූ AK-47 සහ M-16 රයිෆල් මගින් බවයි ඉන්දීය පොලීසිය හෙළිකර ගෙන ඇත්තේ.
මුම්බායි පොලිස් මූලාශ්‍රවලට අනුව, මෙම ඝාතන කල්ලිය පුද්ගලයන් 60 සිට 70 දක්වා පිරිසකගේ සහාය ලබා ගෙන ඇති බවද සඳහන්.
මෙහි විශේෂත්වය වන්නේ, බාලවයස්කරුවන් වෙඩික්කරුවන් ලෙස යොදා ගැනීමට සැලසුම් කර තිබීමයි.
පසුගිය අප්‍රේල් 14වනදා මුම්බායි, බන්ද්‍රාවල පිහිටි ඛාන්ගේ නිවසින් පිටතදී මෝටර් සයිකලයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීමක් සිදුකර තිබූ අතර සිද්ධියෙන් පසු පොලිසිය සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
2143 Views
Comments