“ඔවුන් ක්‍රමානුකූලව එකිනෙකා රවටා ගත් යුවලක්” - ධනුෂ් ගැන එළියට ආ අමුතු විදියේ කතාව (PHOTOS)

ධනුෂ් සමලිංගිකයි !!! විවාහය හමාර වුණෙත් ඒකයි !!!
මේ දවස්වල තටු ලැබුණා සේ පැතිරෙන කතාව තමයි ඔය.
ඇත්තටම ඔහු එහෙමද ? මොකද මේ එක පාරටම එහෙම කතාවක් ඇදිලා ආවේ ??
ගින්නක් නැතුව දුමක් නඟින්නෙ නෑ කියනවනෙ නේද.. එහෙනම් අපි හොයලා බලමු මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියලා.
''සුචිත්‍රා රාමදුරෙයි....'' නිවේදිකාවක් සහ පසුබිම් ගායිකාවක් ලෙස හඳුනාගැනෙන ඈ, සහය නලුවෙක් ලෙසත් නැගී එන විකට නළුවෙකු ලෙසත් ප්‍රකට කාර්තික් කුමාර්ගේ හිටපු බිරිඳ.
ඇයගේ ප්‍රකාශයක් තමයි මේ කතාබහ ඇති වෙන්න ප්‍රධානතම හේතුව.
මෑතකදී ඇය යූ ටියුබ් නාලිකාවක් හා එක්කාසු වෙමිනුයි මේ ආන්දෝලනාත්මක කතා ටික එළියට දාලා තිබුණෙ.
ඇය කියනවා ධනුෂ් සහ ඔහුගේ බිරිඳ ඓශ්වර්යා විවාහ වන කාලය තුළ එකිනෙකාට කිහිප වතාවක් ම වංචා කර ඇති බව !
"අයිශ්වර්යා, ධනුෂ් ඇයව රවටා ඇති බවට චෝදනා කරන නමුත් ඇය විවාහය පුරාවටම කර ඇත්තේත් එයයි. ඒක දෙබිඩි පිළිවෙතක්.
ඔවුන් ක්‍රමානුකූලව එකිනෙකා රවටා ගත් යුවලක්..''
මීට අමතරව ඇය කියනවා ධනුෂ් විසින් රජිනිකාන්ත්ගේ දියණිය ‘නරක අම්මා’ ලෙස හඳුන්වන බව. එහෙම කියන සුචිත්‍රා පෙන්වා දෙන්නේ ධනුෂ් සිය දරුවන්ට මනාව යුතුකම් ඉටුකළ පියෙක් වන බව.
එච්චරද ?? නෑ තව කතා ගොඩාක් ඈ කියලා තිබුණා.
ධනුෂ් සහ ඓශ්වර්යා බාර් එකේ වාඩිගෙන ''පෙම්වතුන් සමඟ'' මත්පැන් පානය කරන බවටත් ඇය චෝදනා කරනවා.
වසර 18ක විවාහයට තිත තැබූ ධනුෂ් - ඓශ්වර්යා දික්කසාදය කාගෙත් කතාබහට ලක්වුණු එකක් විත්තිය ඇත්ත. නමුත් මේ කතා එකිනෙක පෙළගැහෙන්න ගන්නෙ මෑතකදී.
හොඳම එක ඒක නෙවෙයි, අදාළ සම්මුඛ සාකච්ඡාවේදී සුචිත්‍රා කියනවා හිටපු සැමියා වන කාර්තික් කුමාර් සමලිංගික වන බව !
කතාව ගෙතෙන්නෙ ධනුෂ් එක්ක !!
"වසර 02ක් යද්දිම මං දැනගත්තා එයා සමලිංගිකයි කියලා.
හැමතිස්සෙම ප්‍රයිව්ට් පාටි අනන් මනන් කියලා පිරිමි එක්කම ඉන්නවා.
මං අහන්නේ මෙයා ධනුෂ් එක්කත් පැය ගණන් පාන්දර වෙනකන් මොනවද කළේ කාමර අස්සේ?"
වසර 12ක විවාහ ජීවිතය හමාර කරලා කාර්තික් නැවත වරක් විවාහ වී ඉන්න අවදියක තමයි ඇය මේ ආන්දෝලනාත්මක කතාව කියන්නේ.
විශේෂම කාරණය නම් ඇය කෙලින්ම කියන්නෙ නෑ ''ධනුෂ් සමලිංගිකයි'' කියලා. නමුත් කාර්තික් සමලිංගික බව කියමින් ධනුෂ්ගේ නම ගාවා ගැනීම නිසයි මේ කතාබහ මෙච්චර දුර ගිහින් තියෙන්නෙ.
සුචිත්‍රා මීට ඉස්සරත් ධනුෂ් එක්ක ඇරියස් කවර් කළ කෙනෙක් හැටියට ප්‍රසිද්ධයි.
ධනුෂ්ගේ විවාහය බිඳවැටීම ගැන ඇය ''ප්‍රසිද්ධියේම'' කතා කියන්නෙ අදක ඊයෙක නෙවෙයි.
සුචිත්‍රාගේ මේ චෝදනා හමුවේ කාර්තික් නිකන් ඉඳලත් නෑ. ඔහු නීතිමය පියවර අරන් කියලා ආරංචියි ඇයට එරෙහිව. ඒ අපහාස නඩු පවරමින්. එහිදී ඔහු ඉස්මතු කරලා තියෙන්නෙ තමන්ට විතරක් නෙවෙයි ධනුෂ් සම්බන්ධයෙන්ද අපහාසාත්මක ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මෙලෙස ක්‍රියාමාර්ග ගන්නා බව.
එලෙස ගන්නා නීතිමය පියවර අදාළ යූටියුබ් නාලිකාවන්ටද බලපැවැත්වෙන බවයි කියවෙන්නේ.
ඒ අනුව කාර්තික්ගේ නීතීඥ කණ්ඩායම විසින් සුචිත්‍රාට දැනුම් දීලා තියෙන්නෙ සම්මුඛ සාකච්ඡාවලදී අපහාසාත්මක ප්‍රකාශ කරන එක වහාම නතර කරන හැටියට.
ඔහුගේ මෙම පියවර ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව සිය කීර්ති නාමය ආරක්ෂා කර ගැනීමට ගත් පිළියමක්.
තාම කතාව ඉවර නෑ...
හිටපු සැමියා එක්ක ධනුෂ්ව පැටලූ ඇය, ධනුෂ් සහ GV ප්‍රකාශ් ඇසුර ද සාමාන්‍ය නොවන බව කියා තිබුණා.
ඒ අනුව සුචිත්‍රා චෝදනා කර තිබුණේ නළු ධනුෂ් සහ සංගීත නිර්මාපක GV ප්‍රකාශ් අතර ඇති සම්බන්ධය සැක සහිත බවත් ඔවුන් සමලිංගික හෝ ද්වීලිංගික ලෙස හඳුනාගත හැකි බවත්.
ඇයගේ මේ කතාවට තවත් උඩගෙඩි දුන්නු කාරණයක් නම් GV ප්‍රකාශ් සහ ඔහුගේ බිරිඳ සයින්දවී ඔවුන්ගේ වෙන්වීම නිවේදනය කිරීම.
ගෙවුණු මැයි 13, සයින්දවී සහ GV ප්‍රකාශ් සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ දික්කසාදය නිවේදනය කර තිබුණා. ඒ විවාහ වී වසර 11කට අධික කාලයක් ගත වූ මොවුන් පෞද්ගලික හේතුවක් මත විවාහයට තිත තැබීමට තීරණය කළ බව හුවා දක්වමින්.
මෙයාකාර චෝදනා නගන සුචිත්‍රාගේ මේ ක්‍රියාකලාපය ධනුෂ් විෂයෙහි පමණක් ක්‍රියාත්මක වන්නක් නොවෙයි.
මීට ඉහත, ඒ කියන්නේ 2017 වසරේ දී සුචිත්‍රා සිය X ගිණුමට බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධ බරපතල චෝදනා කිහිපයක් ට්වීට් කිරීම වඩාත් ආන්දෝලනයට තුඩු දී තිබුණා.
ඒ අතරට ධනුෂ්ගේ වගේම ත්‍රිෂා, අනිරුද් රවිචන්දර්, ඇන්ඩ්‍රියා, හංසිකා මොට්වානි සහ ජනප්‍රිය රූපවාහිනී වීජේ දිව්‍යදර්ශිනීගේ පෞද්ගලික ඡායාරූප ද ඇතුළත්.
පසුව ඇය සිය ආන්දෝලනාත්මක සටහන් සියල්ල මකා දමා තිබුණා.
මේ කතාව දැඩි කතාබහට ලක්වීමෙන් පස්සෙ එවකට ඇයගේ සැමියා වූ කාර්තික් කුමාර් සමාජ මාධ්‍යවල පළ කළේ සුචිත්‍රාගේ X ගිණුම හැක් කර ඇති බව.
1386 Views
Comments