අම්මා කෙනෙක් වෙන්න යන දීපිකාට චෝදනා රැසක් - දීපිකා වෙනුවෙන් ආලියාගෙන් උදව් (PHOTOS)

සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් ගැබ් අරන් යන ආරංචිය පැතිරෙන්න ගත්තාම ඊට නේක විද ප්‍රතිචාර ගලාගෙන එන්න පටන් ගත්තා.
පස්සෙ රන්වීර් - දීපිකා දෙන්නම මේ ආරංචිය නිල වශයෙන්ම නිවේදනය කරලා තිබුණා.
ඒ නමුත් ගැබ් ගැනීම පෙනෙන පරිද්දෙන් දීපිකා කැමරා ඉස්සරහට නෑවිත් සිටීම බොහෝදෙනාට ගෙනවිත් තිබුණේ ප්‍රශ්නාර්ථයක්.
එහෙම ප්‍රශ්න, හුඟදෙනෙක් ඔළුවෙ තියාගෙන විතරක් හිටියෙ නෑ කෘත්‍රිම බුද්ධිය අනුසාරයෙන් විවිධ වූ සංස්කරණයන් ද සමාජගත කරන්න පටන් ගත්තා.
මේ තත්ත්වය ජනප්‍රිය චරිතවලට හරිම සාමාන්‍ය තත්ත්වයක්. ඔවුන් කොහොමත් එවන් දෑවලට මුහුණ දෙන්නෙ අදක ඊයෙක නෙවෙයි.
ඔහොම කටකතා පැතිර යන අතරතුරදීයි දීපිකා සිය ආදරණීය සැමියා රන්වීර් එක්ක පහුගිය දවසක ප්‍රසිද්ධියේම එළියට බැහැලා තිබුණේ.
ඒ, ඉන්දීය ලෝක් සභා මැතිවරණයේ පස්වන අදියරේ මුම්බායි හිදී ඡන්දය ප්‍රකාශ කිරීමට.
දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක අව් කණ්ණාඩි පැළඳ, රන්වීර්ගේ දැඩි රැකවරණය මධ්‍යයේ එළියට බැස්ස දීපිකා කාගෙත් විශේෂ අවදානයක් දිනාගෙන තිබුණා.
එතනදී පැහැදිලිවම ඇය ගැබ්ගෙන ඇති අන්දම කැමරා කාචවල මනාව සටහන්ව තිබුණා.
දැන් සමහරවිට බොහෝදෙනෙක්ට තිබුණු දැවෙන ප්‍රශ්නයක් විසඳෙන්න ඇති !
හිතන්නෙ දැන් සේරම කටකතා ඉවරයි කියලද ??? නෑ නෑ දැන් ඉස්සරට වඩා වැඩියිද මන්දා !
ඔය විදියට එළියට ආව දීපිකාගේ ශරීර හැඩය, ඇගේ කුස ඉදිරියට නෙරා ඇති ප්‍රමාණය යනාදි නොයෙකුත් කාරණා ආයෙම බොහෝදෙනෙක්ට ගැටළුසහගත වෙලා.
කොහොම නමුත් ඒ ඇතිවන කතාබහට මාධ්‍යවේදී Faye D’Souza උත්තරයක් දීලා තිබුණා.
ඇය සඳහන් කර තිබුණේ දීපිකාගේ මෙම දැක්ම 'ඇගේ ගර්භණීභාවය හෝ ශරීරය පිළිබඳ අනවශ්‍ය විවරණයක් සඳහා ආරාධනයක් නොවන බව'
කාගෙත් අවදානය දිනූ මේ සටහනට සුපිරි නිළි ආලියා භාත් ද එකඟතාව පළකර තිබීම සුවිශේෂීයි.
ඒ අනුව මේ ඩිජිටල් කතිකාව 'දීපිකා පදුකෝන්ට ආලියා භාත්ගේ නොසැලෙන සහයෝගය' මැයෙන් විනෝදාස්වාද කර්මාන්තය තුළ සහයෝගීතාව, සංවේදනය සහ දයානුකම්පාවෙන් සයිබර් හිරිහැරයට එරෙහිව සටන් කිරීමේ අවශ්‍යතාවය මතුකරන සෙයකි...
15167 Views
Comments