“මම මගේ ජීවිතයේ සෑම විටම අභියෝගවලට මුහුණ දුන්නා” - පිලිපීනයේ විශ්ව රූ රැජින ලෙස කිරුළු පැලඳි පළමු කළු ජාතික කාන්තාව (PHOTOS)

පිලිපීනයේ විශ්ව රූ රැජින ඉතිහාසය වෙනස් කිරීමට චෙල්සි මැනලෝ (Chelsea Manalo) නම් 24 හැවිරිදි රූමතිය පසුගියදා සමත්කම් දක්වා තිබුණා.
ඒ පිලිපීනයේ විශ්ව රූ රැජින කිරුළ හිමිකරගත් පළමු කළු ජාතික කාන්තාව බවට පත්වෙමින්.
පිලිපීන මවකට සහ අමෙරිකානු පියෙකුට දාව උපත ලද ඇය මෙලෙස සමත් වූයේ කලක් තිස්සේ රට තුළ පැවති සාම්ප්‍රදායික රාමුව බිඳ දැමීටයි.
ඇයගේ ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් බොහෝදෙනා සඳහන් කර තිබුණේ ''මැනලෝගේ මෙම ජයග්‍රහණය සිය ජාතිය තුළ වූ සුන්දරත්වය'' ඉස්මතු කරවන බවයි.
ඇය අභියෝග කර තිබුණේ තවත් සුන්දර රූමතියන් 52ක් හටයි. තරගය පවත්වා තිබුණේ Pasay හි SM Mall of Asia Arena හිදීයි.
තරගයේ අවසාන තරගකාරිනියන් පස්දෙනා අතරට පැමිණීමෙන් පසු මැනලෝගෙන් ප්‍රශ්න කර තිබුණේ ඇය ඇගේ සුන්දරත්වය සහ විශ්වාසය අන් අයව සවිබල ගැන්වීම සඳහා භාවිතා කරන්නේ කෙසේද යන්නයි.
ඊට පිළිතුරු දෙමින්,
“වර්ණ කාන්තාවක් ලෙස...
මම මගේ ජීවිතයේ සෑම විටම අභියෝගවලට මුහුණ දුන්නා.
ලස්සනට ප්‍රමිතියක් තියෙනවා කියලා මට කිව්වා....” යනුවෙන් ඇය පවසා තිබුණා.
ඇය වයස අවුරුදු 14 දී නිරූපිකාවක් ලෙස කටයුතු කිරීමට පටන්ගෙන ඇති අතර 2017 වසරේ ලෝක රූ රැජින තරගාවලියේ දී පිලිපීනයේ හොඳම 15 දෙනා අතරට ද පැමිණ ඇති බව සඳහන්.
ඒ අනුව Chelsea Anne Manalo මේ වසර අග මෙක්සිකෝවේ පැවැත්වීමට නියමිත 73 වැනි විශ්ව රූ රැජින තරගයෙහි පිලිපීනය නියෝජනය කරන පළමු කළු ජාතික සුරූපිනිය වනු ඇති.
1504 Views
Comments