“ඔයාට සුබ උපන්දිනයක් ආදරණීය අම්මා..” - දියණිය ආරධ්‍යාත් එක්ක අම්මාගේ උපන්දිනය සැමරූ සුරූපී නිළි ඓශ්වර්යා (PHOTOS)

ඓශ්වර්යා රායි බච්චන් ඇයගේ ආදරණීය මව වන බ්‍රින්දා රායිගේ උපන්දින සැමරුමෙහි ඡායාරූප එකතුවක් බෙදාගෙන තිබුණා.
ඡායාරූපවලට අනුව ඇය මවගේ උපන්දිනය සමරන්න දියණිය ආරධ්‍යාවත් එක්කාසු කරගෙන.
පරම්පරා තුනක් නියෝජනය කරන මේ ඡායාරූප එකතුවට ප්‍රතිචාර සෑහෙන්න ලැබිලා.
මේ පිංතූරවල ඓශ්ගේ සැමියා අභිෂේක් බච්චන්ව දකින්න ලැබුණේ නෑ.
තවත් විශේෂත්වයක් නම් උපන්දින සැමරුමේ කොටසක් ලෙස ඇය අභාවප්‍රාප්ත වූ පියා වන ක්‍රිෂ්ණරාජ් රායිගේ පින්තූරයක් ද එකතු කර ගැනීමයි...
4412 Views
Comments