හර්දික් පාණ්ඩ්‍යා පිටිය මැදදී ශුබ්මන්ව දෙකේ කොළයට දාපු එකට ක්‍රීඩාලෝලීන්ට මලපනී - ඔවුන් කලදේ මෙන්න (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
08

හර්දික් පාණ්ඩ්‍යා පිටිය මැදදී ශුබ්මන්ව දෙකේ කොළයට දාපු එකට ක්‍රීඩාලෝලීන්ට මලපනී - ඔවුන් කලදේ මෙන්න (VIDEO)

හර්දික් පාණ්ඩ්‍යා පිටිය මැදදී ශුබ්මන්ව දෙකේ කොළයට දාපු එකට ක්‍රීඩාලෝලීන්ට මලපනී - ඔවුන් කලදේ මෙන්න (VIDEO)

ක්‍රීඩාවක එදිරිවාදිකම් රටවල් අතර විතරක් නෙමෙයි, එකම කණ්ඩායමක සහෝදර ක්‍රීඩකයන් අතරත් තියෙනවා.

 

ඒක ලෝකයට අලුත් දෙයක් නෙමෙයි.

 

ඒකට ක්‍රිකට්ද, පාපන්දුද නැත්නම් රග්බිද, මලල ක්‍රීඩාද අදාළ නැහැ. අළුයට ගිණි වගේ ගැටීම් ඕනෑ තරම්.

 

කෙසේ වෙතත් ක්‍රීඩක ගැටීම් අප්‍රසිද්ධියේ කොතෙකුත් සිදුවූවත්, ප්‍රසිද්ධියේ එවන්නක් සිදුවන්නේ ඉතාමත් කළාතුරකින්.

 

එලෙස ප්‍රසිද්ධියේ සිදු වූ ක්‍රීඩක විරසකයක වීඩියෝවක් මේ දවස්වල වේගයෙන් සැරිසරණවා.

 

ඊට මැදිවෙලා ඉන්නේ හර්දික් පාණ්ඩ්‍යා හා ශුබ්නම් ගිල්.

 

 

වීඩියෝවට අනුව මෙය සිදුවෙලා තියෙන්නේ ඉකුත් ජූනි 05වැනිදා අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී.

 

මෙවර ඉන්දීය ලෝක කුසලාන සංචිතයට ශුබ්නම් ගිල් ඇතුළත් වූයේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙසයි.

 

ඒ හේතුවෙන් ඔහුට අයර්ලන්ත තරගයේදී වතුර අඳින්නා ලෙසින් කටයුතු කිරීමට සිදුවුණා.

 

ඔහු හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටියදී පාණ්ඩ්‍යාගේ නියෝගයක් මත වතුර බෝතලයක් රැගෙන ගොස් ඇත.

 

කෙසේ නමුත් පාණ්ඩ්‍යා එය ගිල්ට ලබාදී ඇත්තේ හතරේ සීමාමායිම වටා ටික දුරක් ගොස් ගොස්.

 

එහිදී ඔහු වතුර බෝතලය ගිල්ගේ අතට දෙනා වෙනවුට එය ගිල් දෙසට විසි කරනවා.

 

පාණ්ඩ්‍යාගේ එම ක්‍රියාවට ක්‍රීඩාලෝලීන්නම් එතරම් කැමැත්තක් නැති අතර, ඔවුන් එම ක්‍රියාව හෙළාදැක තිබෙනවා.

 

කථාබහට ලක් වූ වීඩියෝව

 

 

views

335 Views

Comments

arrow-up