නිලි රැජිනක් වෙන්නට පෙරුම් පුරා යොවුන් වියේදීම දිවි හැර ගිය ජනප්‍රිය ඉන්දීය නිළි දිව්‍යාගේ කතාව

දිව්‍යා භාරතී..ඇය ඉන්දියානු සිනමාවේ සිටි අතිශය ජනප්‍රිය නිලියක්.
සම්මාන ලාභී තරුණ නිලියක් වූ ඇය වයස අවුරුදු 19 දී ඇය අබිරහස් ලෙස මිය ගියා.
ඇය ඒ වනවිටත් ඉන්දියානු සිනමාවේ විශිෂ්ඨ අධ්‍යක්ෂවරයෙක් සහ නිෂ්පාදකයෙක්වන Sajid Nadiadwala සමග විවාහ වී සිටියා.
ඇය මිය ගිය හේතුව තවමත් අබිරසහක්ව පවතිනවා.
විටෙක පැවසුනේ ඇය අධික බීමතින් සිය මහල් නිවාසයේ ජනේලය මත නැගී සිට ශරීරය අසමතුලිත වීම නිසා එයින් බිමට වැටී මිය ගිය බවටයි.
කෙසේ නමුත් ඇය එතරම් බීමත්ව සිටියා නම් කාමරයේ සිටි අනෙක් පුද්ගලයින් ඇයට මෙතරම් භයානක දෙයක් කිරීමට ඉඩ දුන්නේ ඇයි?යන ගැටලුව තවමත් පැන නැගී තිබෙනවා.
කෙසේ නමුත් ඇයගේ මරණයෙන් පසුව සජීඩ් 2004 වසරේ නැවත විවාහ වන තුරුම ඔහුගේ නිර්මාණයන් ඇය නමින් වෙන් කරනු ලැබුවා.
දිව්‍යා භාරතී Nila Pennae දෙමල සිනමාපටයෙන් ක්ෂේත්‍රයට පිවිසි අතර ඇය අවසානයේ රංගනයෙන් දායක වී තිබුනේ Shatranj හින්දි සිනමාපටයේයි.
Lux New Face of the Year ලෙස ඇය Deewana සිනමාපටයේ රංගනය වෙනුවෙන් සමානයෙන් පිදුම් ලැබුවා.
430 Views
Comments