ලෝක ප්‍රකට ගායක එල්විස් ප්‍රෙස්ලිගේ සපත්තු ජෝඩුවට ලැබුණු අපමණ අගය (PHOTOS)

"රොක් ඇන්ඩ් රෝල් රජු" ලෙස 20 වන සියවසේ වඩාත් කතාබහට ලක්වුණු ලෝක ප්‍රකට ගායකයෙක් මෙන්ම නළුවෙකුද වූ එල්විස් ප්‍රෙස්ලිගේ, සපත්තු යුගලක් වෙන්දේසි කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙය 1956 දී නිකුත් කළ එල්විස් ප්‍රෙස්ලිගේ මංගල ඇල්බමයේ ''Blue Suede Shoes'' ගී මතකය ආවර්ජනය කරන අමරණීය සමරුවක් ලෙස කා අතරත් ජනප්‍රිය වූවකි.
වාර්තා වන ආකාරයට ඇස්තමේන්තුගත පවුම් 100,000 සිට පවුම් 120,000 දක්වා වූ වටිනාකමක් සහිතව මෙම සපත්තු යුගලය වෙන්දේසි කිරීමට නියමිතය. ඒ බ්‍රිතාන්‍ය වෙන්දේසි ආයතනයක් වන Henry Aldridge and Son නම් ආයතනය විසිනි.
ප්‍රකට සන්නාමයක් වන “Nann-Bush” සන්නාමය සහිත සපත්තු යුගලය 1950 ගණන්වලදී ප්‍රෙස්ලි විසින් වේදිකාවේදී සහ ඉන් පිටතදී පැළඳ සිටි බව සඳහන්.
වෙන්දේසිකරුවන්ට අනුව 1956 දී "The Steve Allen Show" හි "I want You, I Need You, I Love You" සහ "Hound Dog" ගායනා කරන අතරතුර ප්‍රෙස්ලි මෙම සපත්තු පැළඳ සිටි අතර, 1958 දී ඔහුගේ මිතුරා Alan Fortas හට ඒවා ලබා දී ඇත්තේ ඔහු එක්සත් ජනපද හමුදාවට යාමට පෙර රාත්‍රියේදීයි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම සපත්තු ප්‍රෙස්ලිගේ සමීප මිතුරෙකු සහ එල්විස් ප්‍රෙස්ලි කෞතුකාගාරයේ නිර්මාතෘ ජිමී වෙල්වට් විසින් සත්‍ය ඒවා වන බවට තහවුරු කර ඇති බවයි.
444 Views
Comments