නෝනලා දෙන්නත් එක්ක සුප්‍රසිද්ධ වැඩසටහනකට ගොඩවුණු යූටියුබ් තරුවකට දැඩි විරෝධයක් (PHOTOS)

‘Bigg Boss OTT’ තුන්වන වාරය මේ වෙද්දි දැඩි කතාබහක් ඇති කරලා.
ඒ, ඊට සහභාගී වූ එක් තරඟකරුවෙකු වන අර්මාන් මලික් (YouTuber Armaan Malik) ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන Kritika Malik සහ Payal Malik සමඟ වැඩසටහනට පෙනී සිටීම නිසාවෙන්.
මේ හේතුවත් එක්ක, ‘Bigg Boss OTT රසික පිරිසගෙන් එල්ල වන චෝදනාව නම් 'තුන්දෙනාටම ලැජ්ජාවක් නෑ' කියන එක.
ඒ විතරක් නෙවෙයි අදාළ වැඩසටහනටත් බැණ වදින රසික පිරිස පෙන්වා දෙන කාරණාව තමයි, 'විනෝදාස්වාදයේ නාමයෙන් අපිරිසිදුකම ප්‍රවර්ධනය' කරනවා යන්න.
එහිදී එක් චෝදනා නඟන්නෙක් මතුකරලා තිබුණෙ දවස් කීපයක් ඇතුළත ආදරය, විවාහය සහ වයිෆ්ගෙ හොඳම යාළුවත් එක්කත් යළි ඒ දේම කළ කෙනෙක්ව ගෙන්වීම පිළිගත හැකිද කියන කාරණය.
කොහොම නමුත් ගෙවුණු වසරේත් මේ තුන්දෙනා භාරති සිං සහ Harsh Limbachiyaගේ Podcast එක්කට සහභාගී වෙලා තිබුණා.
එතැනදී අර්මාන්ගෙන් අහලා තිබුණා Bigg Boss ඇතුළු රියැලිටි වැඩසටහන් සඳහා ආරාධනා ලැබෙනවාද යන්න ගැන.
එතැනදී ඔහු කියලා තිබුණෙ ආරාධනා ලැබුණු නමුත් එවකට පායල් ප්‍රෙග්නන්ට් නිසාත් ක්‍රිතිකා දරුවා ලැබීමට නියමිත නිසාත් තමාට ඔවුන්ව දාලා යන්න බැරි වුණු වග.
පායල් සහ ක්‍රිතිකා දෙදෙනා එක්කම විවාහ වෙලා ඉන්න අර්මාන් දරුවන් හතර දෙනෙකුගේ පියෙක්.
2993 Views
Comments