“එහෙම පියුමිට ලෝකෙම දන්න බිස්නස් බ්‍රෑන්ඩ් නේම් එකක් වෙන්න බැරිද.” - පියුමි වෙනුවෙන් පන්නිල කට අරී

මේ ගෙවෙන්නේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ගැන අන් කවරදාටත් වඩා වැඩියෙන් කතාබහ කරන කාලයක්.
ඒකට හේතුව ඇගේ ආදායම් සම්බන්ධයෙන් ඇයට එල්ල වන චෝදනා.
තමන්ට එල්ල වන චෝදනා ගැන විවිධ කතා පැතිරුණද පියුමි සිය සුපුරුදු ජීවන රටාවෙන් මිදිලා නැති හැඩයි.
ඒ ඈ වෙනදා වගේම සිය වැඩකටයුතු එක්ක කාර්‍යබහුලව ඉන්න බව ඇගේ සමාජ මාධ්‍ය තුළින් මනාව දැකිය හැකියි.
පියුමි කවදත් පිරිසකගේ විවේචනයටත් තවත් පිරිසකගේ පැසසුමට ලක්වුණු චරිතයක්. අන්න ඒ කොටස් දෙකටම අයිති පිරිස් මේ දවස්වල පියුමිව මාතෘකාව කරගෙන ඉන්නා අයුරු දැකිය හැකියි.
එහෙම ලියවෙන සටහන් අතරෙ, පළවන අදහස් අතරෙ ඇස ගැටුණු සුවිශේෂී සටහනකි මේ. සටහන තබා තිබුණේ ජනප්‍රිය ඡායාරූප ශිල්පි හෂාන් පන්නිල විසින්.
''පියුමි හංසමාලි ගැන පොඩි දෙයක් කියන්නම්.
පට්ට විදියට මහන්සි වෙලා එයාගෙම බිස්නස් එකක් පටන් ගෙන තව මනුස්සයෙක්ව ලස්සන කරන්න ක්‍රීම් බිස්නස් එකක් කරන,
ඒක ගැන ඉගෙනගෙන පියුමිගෙ මහත්තයාගෙනුත් උදව්වෙන් එක්සෑම් කරලා ගේමක් ගහලා,
අහිංසක සත්තුන්ගෙ බඩගින්න අහිංසකයන්ගෙ ජීවිත බේරගෙන,
එයාගෙ බිස්නස් එකත් බ්‍රෑන්ඩ් එකක් කරගෙන ඉස්සරහට යන චරිතයක්.
244 Views
Comments