ඒක සැර වැඩියිද මන්දා?? - රැජිනට ඇන්ද ගිරාගේ දූ පොඩ්ඩ බඳින්නෙ නැද්ද අහන ඇන්ටිලාට සැරටම අමතයි

සාමාන්‍යයෙන් ගෑනු ළමයෙක්ට වයස අවුරුදු 25 වගේ පැන්න හැටියේම ගමේ ඇන්ටිලා ටිකගෙන් එන පොදු ප්‍රශ්න ටිකක් තියෙනවා.
ඒකෙන් පළවෙනිම එක තමයි ''බඳින්නෙ නැද්ද'' ''බඳින්න කවුරුත් නැද්ද'' කියන එක.
ඕකේ හොඳම ප්‍රශ්න ටික එන්නෙ 30 වගේ වෙද්දිත් බැඳලා නැති ගෑනු ළමයි සෙට් එකට.
''බඳින්නෙ නැත්තෙ ඇයි, කේන්දරේ ප්‍රශ්නයක්වත්ද '' කියලා පටන් අරන් මුළු ග්‍රහ මණ්ඩලේම ගැන දේශනයක් පටන් ගන්නවා.
සැරයක් දෙකක් නැතුව, ඕකම දකින දකින සැරේට අහන්න ගත්තාම ඕනිම කෙනෙක්ට තරහ යන එක හරි සරල කාරණාවක්.
අන්න ඒ විදියට පීඩා විඳින කෙල්ලො ටික ගැන හිතලා ගිරාගේ දූ පොඩ්ඩ, එහෙමත් නැත්නම් ප්‍රවීණ රංගන ශිල්පි ගිරිරාජ් කෞෂල්‍යයන්ගේ දියණිය අමන්ද්‍යා උත්පලී අපූරු වැඩක් කරලා.
''රූප සුන්දරී''
ඒ තමයි මේ ලස්සන වැඩේ.
ගායනය, රංගනය උපතින්ම උරුම කරගත් අමන්ද්‍යා ''කටහඬින් රඟපානවා'' කියන කතාව ඔප්පු වෙලා ඉවරයි. මතක ඇතිනෙ ඇය ''රැජිනට ඇන්ද අපූරුව''
ඉතින්, රැජිනට ඇන්දාට දෙවෙනි නොවෙන්න 'රූප සුන්දරී' රසික පිරිස අතරට ගිහින්.
ගීතයේ අන්තර්ගතය අර අපි මුලින්ම කිව්ව හැටියට ප්‍රශ්න කෝටියක් අහන ගමේ ඇන්ටිලා සෙට් එක ගැන කතරගම දෙයියන්ට කරන කන්නලව්වක්.
සමාජයේ පවතින ගැටළුවක් සරල වචන ටිකකින් හාස්‍ය එක්කාසු කරලා රසික සමූහයා වෙත අරන් එන්න අමන්ද්‍යාට යෝධ සෙවණැල්ලක් වෙලා තිබුණේ ඇගේ ආදරණීය පියාණන්.
ගීතයේ වචන ගිරිරාජ් කෞෂල්‍යයන්ගේ සහ ගීත් තරංග නම් පද රචකයාගේ.
සංගීතය සහන් රන්වලයන්ගේ.
297 Views
Comments