“හූ තියලා මැච් දිනන්න බෑ, ග්‍රවුන්ඩ් එකට ගියපු, නොගියපු හැමෝටම ස්තුතියි” - ඉන්දියාවට එරෙහි තරඟාවලි ජයෙන් පසු මාලිංග කියුදේ

ක්‍රිකට් කියන්නෙ අපේ රටේ මිනිස්සුන්ට 'බලාපොරොත්තුවක්'
එහෙම බලාපොරොත්තුවක් වුණු, ක්‍රිකට් ගැන ගෙවුණු කාලය පුරාවටම අහන්න ලැබුණෙ එතරම් යහපත් දේවල් නෙවෙයි.
එවන් කාලයක් පහුකරගෙන ඇවිත් උදා වුණු, ඊයේ (07) දවස මෙරට ක්‍රිකට්ලෝලීන්ව යළි 'පණ ගහලා නැඟිට්ටවන්න' සමත්කම් දැක්වූවා කිව්වොත් හරි.
ඒ සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීම නිසාවෙන්.
ලද ජයග්‍රහණයත් එක්ක මේ මොහොත වන විටත් ලාංකික හදවත් 'සතුටින් පිරී ඇති' බවත් කිව යුතුමයි. ක්‍රීඩාලෝලීන්ගේ සමාජ මාධ්‍ය හැසිරීම ඊට සාක්ෂි දරනවා ඇති.
එවන් සටහන්, වීඩියෝ අතර ලසිත් මාලිංග ද ෆේස්බුක් ලයිව් විත් කාටත් ස්තුති කරන්න කටයුතු කර තිබුණේ මෙහෙමයි....
''මම මේ තරගාවලිය පටන් ගනිද්දිම කිව්වා, හූ තියලා ක්‍රිකට් දිනන්න අමාරුයි,
ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා අපේ කණ්ඩායමට සහයෝගය දක්වන්න....
එහෙම වුණොත් අපිට මේ හදන්න බෑ කියන ක්‍රිකට් හදන්න පුළුවන් කියලා.
අද අපේ කණ්ඩායම ඒ හදන්න බෑ කියපු ක්‍රිකට් ජයග්‍රහණය කරවලා...
වසර 27කට පස්සෙ පූර්ණ තරග ජයග්‍රහණයක් ලබාදුන්නා ශ්‍රී ලංකාවට ඉන්දියාව පරාජය කරලා.
ඉතින්, අත්පුඩි ගහන්න. ග්‍රවුන්ඩ් එකට ගිය ඔය හැමෝටම ස්තූතියි.
ඒ වගේම මම නැවත වරක් කියනවා, හූ තියන්න ගියපු නැති හැමෝටමත් ගොඩක් ස්තූතියි.
ඉතින් මම හිතනවා ඔය හැමෝම ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ජයග්‍රහණය සතුටින් සමරයි.
ඒ වගේම මින් ඉදිරියටත් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරනකොට ඔවුන්ට ශක්තියක් වෙන්න,
ඔවුන්ට ධෛර්යක් වෙන්න, අත්පුඩියක් ගහන්න ග්‍රවුන්ඩ් එකට යයි කියලා....''
288 Views
Comments