“සසර වසන තුරු ඔබ මගේම වේවා....” - රොෂාන් - කුෂී කැදැල්ලට දැන් වසර 10ක් (PHOTOS)

ලාංකීය සිනමාවේ කඩවසම් සහ දක්ෂ රංගන ශිල්පියෙකි, රොෂාන් රණවන.
නිර්මාණ කාර්යය තුළ කැපී පෙනෙන සාර්ථක ගමනක් යන ඔහු, 'ආදරණීය පවුල් ජීවිතයක්' ගෙවන තරුවක් කිව්වොත් හරි.
ඒ ආදරණීය සැමියෙක් විදියට විතරක්ම නෙවෙයි, හුරතල් පුතෙක්ගෙ තාත්තා හැටියටත්.
සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට මේ සොඳුරු කැදැල්ලේ සේයා රූ එකතුවක් දැකගන්න ලැබුණා.
සේයා රූ එකතුව විශේෂ වෙන්නෙ රොෂාන් - කුෂ්ලානි කැදැල්ලට වසර 10ක් පිරීම සමරන්න කළ ඡායාරූප එකතුවක් වීම නිසාවෙන්.
හිරිපොද වැස්ස, ආසයි මං පියාඹන්න, රෝස කැලේ, සුවඳ දැණුනා ජීවිතේ වැනි නිර්මාණ එක්ක රසික හදවත් වසඟ කරගත් රොෂාන් කියන්නෙ කාලයක් තිස්සෙ තරුණියන්ගේ සිහින කුමාරයා.
විවාහ වුණා කියලා, ඔහුගේ ඒ ආකර්ෂණය නම් අඩුවක් වෙලා නෑ.
4095 Views
Comments