“දරුවො කවදාවත් දෙමාපියන්ට ණය නෑ, මම කුස දන් දුන්නෙ මගෙ කැමැත්තෙන්” - තම ලෝකය සුන්දර කරපු පොඩ්ඩො දෙන්නා ගැන ඕෂධී කියූ කතාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

“දරුවො කවදාවත් දෙමාපියන්ට ණය නෑ, මම කුස දන් දුන්නෙ මගෙ කැමැත්තෙන්” - තම ලෝකය සුන්දර කරපු පොඩ්ඩො දෙන්නා ගැන ඕෂධී කියූ කතාව (PHOTOS)

“දරුවො කවදාවත් දෙමාපියන්ට ණය නෑ, මම කුස දන් දුන්නෙ මගෙ කැමැත්තෙන්” - තම ලෝකය සුන්දර කරපු පොඩ්ඩො දෙන්නා ගැන ඕෂධී කියූ කතාව (PHOTOS)

ජනප්‍රිය රංගන ශිල්පිනි ඕෂධී හේවාමද්දුම කියන්නෙ ආදරණීය කැදැල්ලකට හිමිකම් කියන තාරකාවක්.

දරුවො දෙන්නත් එක්ක ඈ ගෙවන ජීවිතේ හරිම සුන්දර එකක්. ඒ බව වඩාත් පැහැදිලියි ඈ සමාජ මාධ්‍යයේ තබන සටහන් සහ ඡායාරූපවලින්.

ඕෂධීගේ මුළු ලෝකෙම ඇගේ ආදරණීය දරුවො දෙන්නා. පහුගිය දවසක ඇගේ හුරතල් දෝණි පොඩ්ඩගේ උපන්දිනයත් යෙදිලා තිබුණා.

එහි ඡායාරූප එකතුවකුත් මේ විදියට අපේ ඇස ගැටුණා.

කතාව මුලම අපි කිව්වනෙ ඕෂධීගේ මුළු ලෝකෙම ඇගේ පොඩ්ඩො දෙන්නා කියලා.

ඒ නිසාම ඈ දරුවො ගැන ලියවිලා තිබුණු ලියවිල්ලක් මේ විදියට හුවමාරු කරගෙන තිබුණු අන්දමත් අපිට දැකගන්න ලැබුණා.

''දරුවො කියන්නෙ අපේ කැමැත්තෙන් අපි ලෝකෙට ගෙන්න ගත්ත අය...

මම එයාලට ස්තුති කරනවා මාව සතුටින් තියන්න මා ළඟට ආවට.

මැරෙනකොට වතුර උගුරක් පොවාගන්න මගෙ බලාපොරොත්තුව ක් නෑ .

දරුවො කවදාවත් දෙමාපියන්ට ණය නෑ..

මම කුස දන් දුන්නෙ මගෙ කැමැත්තෙන්.

මගෙ හීනයක් හැබෑ කරන්නයි එයාල සුර දූතයො වෙලා පිහිටට ආවේ.

මම උන්ට කිරි දුන්නේ සතුටින්

ඒක නිරාමිස ප්‍රීතියක්...

ගැහැණියක් වීම ආශ්චර්‍යයක් ...

මම ඒ ආශ්චර්‍යය

උපරිමයෙන් අත්වින්දෙ දරුවො නිසා...

අපිට ඕනි නම දාලා ,

අපිට ඕනි විදිහට හුරතල් කරලා,

අපිට ඕනි කෑම කවලා,

අපිට ඕනි ඉස්කෝලෙට දාලා,

අපිට ඕනි ඇදුම් අන්දලා ,

අපිට ඕනි අයව හඳුන්වා දීලා,

අපිට ඕනි විදිහට ආඩම්බර වෙලා....

අපිට ඕන විදියට හදපු... පුංචි ආත්ම...

අම්මා කියන උත්තරීතර හැඟීම මට ගෙනත් දුන්නට මම එයාලට අනේකවාරයක් ස්තුතිවන්ත වෙනවා.

මම එයාලගෙ හැම පියවරක්ම දැක්කා.

දරුවො දුන්න හැම මතකයක්ම සුන්දරයි..

ආදරේ කියන්නේ ළඟ ඉද්දි දැනෙන හැඟීමට නෙමෙයි...

කොහේ හිටියත් සතුටින් බව දැනෙනවා නම් ඒ ඇති.

-Copied-''

 

 

 

views

1953 Views

Comments

arrow-up