කවුරුත් ආදරය කල සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායමේ අවසන් සාමාජිකයාත් මෙලොව හැරයයි

සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. ඉතින් මේ විශ්ව භාෂාව ඉගෙන ගෙන රස විඳින්න හැමෝටම පුළුවන්....
හැබැයි මේ කියන්න යන්නේ නම් දුක හිතෙන් ආරංචියක්... ඒ, සංගීත ලොවේ නම රැන්දු අමෙරිකාවේ ''The Four Tops'' සංගීත කණ්ඩායමේ සාමාජිකයා වූ Abdul Fakir ඊයේ (22) මියගොස් තිබෙනවා.
ඔහු මෙම සංගීත කණ්ඩායමේ පළමු සහ ජීවත්ව සිටි එකම සාමාජිකයා වීම විශේෂත්වයක්.
මියයන විට ඔහු අවුරුදු 88 වියෙහි පසු වී ඇති බවයි සඳහන් වන්නේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ හෘදයාබාධයක් සෑදීමෙන් සිය නිවසේදී මියගිය බවයි ඔහුගේ පවුලේ අය පවසන්නේ.
ඔහු Reach Out I'll Be there, Baby I Need Your Loveing සහ I Can't Help Myself (Sugar Pie Honey Bunch) වැනි ජනප්‍රිය ගීත සඳහා ප්‍රසිද්ධයි.
මෙම කණ්ඩායම 1950 ගණන්වල අගභාගයේදී ෆෝ ටොප්ස් සංගීත කණ්ඩායම පිහිටුවන ලද නමුත් 1960 ගණන්වල මුල් භාගය වන තෙක් එය අසාර්ථක වී තිබෙනවා.
376 Views
Comments