ලෝකයේ සුපිරිම වෙඩිමට ආව අය තෑගි දුන්නේ මොනවද ?? - ආනන්ත් - රාධිකා යුවළට ආරාධිතයන්ගෙන් ලැබුණු මංගල තෑගි එකතුව මෙන්න

ආනන්ත් - රාධිකා යුවළගෙ සුපිරි මංගල උත්සවය අවසන් වුණත්, ඒ හා සබැඳි කතාවල නම් තවම නිමාවක් නෑ.
මංගල උත්සවය අති උත්කර්ෂවත් එකක් වෙද්දි, ඊට ආව කෝටිපති ආරාධිතයින් මොන වගේ තෑගි දෙන්න ඇතිද කියන එක ගැන ඔයාටත් ප්‍රශ්නයක් තිබුණා නේද.
ඔන්න ඒ ප්‍රශ්නෙට උත්තර අපි අරගෙන ආවා.
අම්බානිලා කියන්නෙ කිසිම දේකින් අඩුවක් නැති මිනිස්සු. ඉතින් එහෙම අයට වැදගත් වේවි යැයි කියලා හිතන තෑගි මොනවද කියලා, තෑග්ගක් දෙන්න කල්පනා කරන කෙනෙක් වුණත් සෑහෙන්න හිතන්න වෙනවා. ඒක තමයි ඇත්ත කතාව.
ඉතින් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ආනන්ත් - රාධිකා මංගල උත්සවයට ආව ගිය ආරාධිතයින් 'හදවතින් ම ආශිර්වාදය' අරන් ආව බව !!
ඔව්.. ඔව්.. එහෙම ආශිර්වාදය සහිතව බොහෝ අමුත්තන් තෝරාගෙන ඇත්තේ ආගමික දෙවිවරුන්ගේ ප්‍රතිමා හෝ චිත්‍ර බව සඳහන්.
(ඒවායේ වටිනාකම ගැන නම් තවම සඳහනක් නෑ)
අම්බානිවරු කියන්නෙ ගැඹුරුවම අධ්‍යාත්මික පැත්තට බර පිරිසක්. ඒ බව ආනන්ත් - රාධිකා දෙන්නගෙ පෙර විවාහ සැමරුම්වල විතරක් නෙවෙයි ඔවුන්ගේ විවාහ ආරාධනා පත්‍රයේත් එතනින් එහාට සම්පූර්ණ විවාහ මංගල උත්සවය පුරාවටමත් දකින්න ලැබුණු කාරණාවක්.
ඉතින් ඒ නිසාම ඔවුන්ට 'ආගමික දෙවිවරුන්ගේ ප්‍රතිමා හෝ චිත්‍ර' ලැබෙන්නට ඇති බව විශ්වාස කළ හැකි දෙයක්.
කොහොම නමුත් ආනන්ත් - රාධිකා දෙන්නට ලැබුණු එක තෑග්ගක් නම් පැහැදිලියි. ඒ තමයි ජැකී ෂ්රොෆ්ගෙන් පැළ !
ඒ හැරුණු විට ඔවුන් දෙපළට මුකේෂ් සහ නීටා අම්බානිගෙන් වෙඩිමට කලින්ම ලැබුණා පෞද්ගලික වෙරළ තීරයකින් සමන්විත පාම් ජුමෙයිරාහි අතිවිශිෂ්ට සුඛෝපභෝගී මන්දිරයක්.
ඒ වගේම ආසන්න වශයෙන් රුපියල් කෝටි 5.42ක් පමණ වටිනා Bentley රථයක් ලැබුණු බවත් සඳහන්.
ඊට අමතරව රාධිකාට සුපිරි පන්නයේ ස්වර්ණාභරණත් අම්බානි පවුලෙන් තෑගි ලැබිලා.
1423 Views
Comments