ශ්‍රී ලාංකීය නාමය ලෝකෙට අරන් යන සූපවේදිනිය “සවින්ද්‍රි පෙරේරා” (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

ශ්‍රී ලාංකීය නාමය ලෝකෙට අරන් යන සූපවේදිනිය “සවින්ද්‍රි පෙරේරා” (PHOTOS)

ශ්‍රී ලාංකීය නාමය ලෝකෙට අරන් යන සූපවේදිනිය “සවින්ද්‍රි පෙරේරා”  (PHOTOS)

මෙවර ''MasterChef Australia'' තරගාවලියේ අවසන් තිදෙනා අතරට පැමිණීමට ශ්‍රී ලාංකීය තරගකාරියක් වන සවින්ද්‍රි පෙරේරා (Savi) සමත්වී තිබෙනවා.

 

ඇයට මෙම තරගාවලියේ එක් වටයකදී ඉවත් වීමට ද සිදුව තිබූ අතර, ඇයගේ කෑම සැකසීමේ සුවිශේෂී දක්ෂතා සහ ඉදිරිපත් කිරීමේ හැකියාවන් හේතුවෙන් නැවත තරගය සඳහා අවතීර්ණ වීමට විනිශ්චය මණ්ඩලය ඈට අවස්ථාව ලබාදී තිබුණා.

 

ඒ අනුව සවින්ද්‍රි සකස් කරන ලද ලාංකීය ආහාරවලට විනිසුරුවන් අතිශයින් ප්‍රිය කිරීම හේතුවෙන් ඇයට මෙම අවස්ථාව ලැබී තිබුණු අතර 'ඇය නැවතත් තම හදවත්වලට පිවිසිණු බවයි' විනිසුරුවරුන් සඳහන් කරනු ලැබුවේ.

 

 

මෙලෙස සවින්ද්‍රි පෙරේරා ''MasterChef Australia'' හි අවසන් තිදෙනා නියෝජනය කිරීම 'පොහොසත් ආහාර සංස්කෘතියකට උරුමකම් කියන' අප රටට විශේෂ වන්නේ, ලාංකීය තරගකරුවෙක් MasterChef තරගයක අවසන් තිදෙනා අතරට තේරුණු පළමු අවස්ථාව මෙය වීම නිසාවෙනි.

 

 

එමෙන්ම ඇය මෙම තරගාවලිය පුරාවටම 'හෙළ රස' ලෝකයට අරන් යාමට දැරූ උත්සාහය ද අගය කළ යුතුමය.

 

ඒ අනුව ලාංකීය කෑම, ලාංකීය කුළුබඩු, ලාංකීය ආහාර තාක්ෂණය ලෝකයට ගෙන යනුවස් සවින්ද්‍රි ගත් උත්සාහය සාර්ථකය.

 

එබැවින් ඈ දැනටමත් 'අපේ හදවත්වල කිරුළු දැරූ ජයග්‍රාහිකාවකි'

 

views

3092 Views

Comments

arrow-up