සුපිරි ඉන්දීය නළු විජේ ‍දේවරකොන්ඩා ශ්‍රී ලංකාවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

සුපිරි ඉන්දීය නළු විජේ ‍දේවරකොන්ඩා ශ්‍රී ලංකාවට

සුපිරි ඉන්දීය නළු විජේ ‍දේවරකොන්ඩා ශ්‍රී ලංකාවට

ඉන්දියාවේ ප්‍රසිද්ධ තෙළිඟු සිනමා නළුවකු වන විජේ දේවරකොන්ඩා රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බවට වාර්තා වෙයි.

 

මේ වන විට විජේ ඔහුගේ 12 වැනි චිත්‍රපටයේ රඟපාන අතර  චිත්‍රපටිය තාවකාලිකව නම් කර ඇත්තේ 'VD12' යනුවෙනි.

 

එහි ශ්‍රී ලංකාවේ දර්ශනීය පසුතලය සහිත ස්ථාන කිහිපයක පටිගත කිරීම් සඳහා විජේ මෙහි පැමිණෙනු ඇත. මාසයක කාලයක් රූගත කිරීම් පවත්වන්නට යන බව ද වාර්තාවේ.

 

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ ‘ජර්සි’ අධ්‍යක්ෂණය කළ ගෞතම් දිනුරි විසිනි. භාග්‍යශ්‍රී බෝර්ස් මෙහි කාන්තා ප්‍රධාන චරිතයට පණ පොවන බව පැවසේ.

 

මෙම චිත්‍රපටයේ කොටසක් ඉන්දියාවේ වෛශාක් හි සිදුකර ඇත.මීළඟ අදියරේ රූගත කිරීම් සඳහා චිත්‍රපට කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

 

විජේ දේවරකොන්ඩා තෙළිඟු සිනමාවෙහි අර්ජුන් රෙඩ්ඩි සමඟ ප්‍රමුඛව රඟපෑ නළුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත් විය.

 

ඔහු නෝටා දෙමළ චිත්‍රපටයේ රඟපා ප්‍රකට වූ අතර නාග් අශ්වින්ගේ මිථ්‍යා විද්‍යා ප්‍රබන්ධය 'කල්කි 2898'  කැපී පෙනෙන චරිතයක් එලිදැක්වූයේය.

 

views

6078 Views

Comments

arrow-up