බිරිඳ සමඟ අඩදබර කරගත් සැමියා අවසානයේ කරගත් දේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

බිරිඳ සමඟ අඩදබර කරගත් සැමියා අවසානයේ කරගත් දේ

බිරිඳ සමඟ අඩදබර කරගත් සැමියා අවසානයේ කරගත් දේ

බිරිඳ සමග දබර කරමින් සිටින අවස්ථාවක බස්රථයකට පැන සිය දිවි හානී කරගැනීමට උත්සාහ කළ අයකු බරපතළ තුවාල ලබා තිබේ. එහිදී කිසිවෙකුත් ඔහුව රෝහල් ගතකිරීමට ඉදිරිපත් නොවූ අවස්ථාවක රැස්ව සිටි පිරිසගේ විරෝධය නොතකා එම බස් රථයේම රියැදුරා විසින් ළඟම පිහිටි ඉංගිරිය රෝහල වෙත රැගෙන යෑමේ පුවතක් පෙරේදා (25) සවස කිරිඇල්ල පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තාවේ.

 

මෙසේ රෝහල් ගතකර ඇත්තේ එස්. සන්දරම් නමැති (41) එක් දරු පියෙකි. ඔහු ඇල්ලගාව දුම්බර වතුයායේ පහළ කොටසේ පදිංචි අයෙකි. මෙම බස් රථයේ රියැදුරු ලෙස කටයුතු කර ඇත්තේ රංජිත් කුමාර (44) නමැති අයකි. ඔහු පානදුර ඩිපෝවේ රියැදුරෙක් වන අතර කළුතර ප්‍රදේශයේ පදිංඅයකි.

 

මඩල, ඇල්ලගාව ප්‍රදේශයේ රත්නපුර – පානදුර මාර්ගය අසල සිය බිරිඳ සමග දබර කරමින් සිටි මෙම පුද්ගලයා එම අවස්ථාවේ මඩකලපුව සිට පානදුර දක්වා ධාවනය වෙමින් පැවති පානදුර ඩිපෝවට අයත් බස් රථයට පැන සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇතිබව කිරිඇල්ල පොලිසිය පවසයි.

 

පොලිසිය පවසන අන්දමට නිතර බීමත්ව සිය පවුලේ ඥාතීන් සමග දබර කරගන්නා මෙම පුද්ගලයා මෙම අනතුර වූ ස්ථානයේ සිටි බිරිඳ සහ 15 හැවිරිඳි පුතා සමග දබර කරමින් සිට ඇත. එම අවස්ථාවෙත් මෙම පුද්ගලයා බීමත්ව ඇති බවට ඒ ආසන්නයේ වෙළඳසලක පැවැති සී.සී.ටී.වී. දර්ශන මගින් දැකගත හැකිව තිබූ බව පොලිසිය පවසයි.

 

මෙහිදී බස් රථයේ රියැදුරු රංජිත් කුමාර යන අය අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

 

 

views

327 Views

Comments

arrow-up