“ආදරේ ක්‍රියාවෙන් ඔප්පු කළේ ඔයා විතරයි කියලා මම දැන් දන්නවා...” - විවාහයෙන් මාසයකට පසු මාධවී කියූ කතාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

“ආදරේ ක්‍රියාවෙන් ඔප්පු කළේ ඔයා විතරයි කියලා මම දැන් දන්නවා...” - විවාහයෙන් මාසයකට පසු මාධවී කියූ කතාව (PHOTOS)

“ආදරේ ක්‍රියාවෙන් ඔප්පු කළේ ඔයා විතරයි කියලා මම දැන් දන්නවා...” - විවාහයෙන් මාසයකට පසු මාධවී කියූ කතාව (PHOTOS)

කසුන් - මාධවී දෙන්නා සිය ආදර කතාවේ ලස්සනම පරිච්ඡේදය ලියලා මාසයක්. ඔව්, ඔවුන් අති උත්කර්ෂවත් අන්දමින් විවාහ මංගල උත්සවයක් පවත්වලා අළුත් ගමනක් පටන් අරන් මාසයක්.

 

කසුන් - මාධවී දෙන්නගෙ ආදර කතාව මුල ඉඳන්ම කතාබහට ලක්වුණු ආදර කතාවක්.

 

විවාහයත් එක්ක ඒ කතාබහ තවත් වැඩි වුණා කිව්වොත් හරි.

 

ඒ කතාබහ ආශිර්වාද වගේම විවේචනවලින් පිරුණු එකක් බව කවුරුත් දන්නා කාරණාවක්.

 

නමුදු ඒවායින් කිසිදු සෘණාත්මක යමක් ජීවිතයට නොගෙන ලස්සනට ඉස්සරහට යන ගමනකි, මේ දෙන්නගෙ ප්‍රේම චාරිකාව.

 

 

ඉතින්, ලස්සන මනාල යුවළක් වෙලා මාසයක් ගෙවුණු තැන මාධවීත් කසුනුත් සිය සමාජ මාධ්‍ය වේදිකාවන් වෙත සටහන් එක්කාසු කර තිබුණා.

 

මේ, එලෙස මාධවී තබන ලද සටහන...

 

''අදට මාසයයි...

හොඳ කිසිවක් සිදු නොවූ වසර ගාණක් පහු වෙද්දි එක මාසෙකින් ජීවිතේ කොයි තරම් හොඳ වෙනස්කම් වෙන්න පුළුවන් ද කියලා තේරුම් ගත්තා..

කැමරා ඉස්සරහා කවුරු රඟපෑවත්, අත්‍යාවශ්‍ය අමාරු අවස්තාවකදි තනි වුනාම ලෙඩ වෙලා අසරණ වුනාම වාසි ලාභ නොතකා ලඟ ඉන්නෙ ඔයයි ඔයාගෙ අහිංසක අම්මයි අක්කයි විතරයි කියලා තේරුම් ගත්තා...

කවුරු කොහොම කිව්වත් මං කවුද කියලා දන්නෙ අප්පච්චියි ඔයයි විතරයි කියලා මං තේරුම්ගත්තා...

ආදරේ ක්‍රියාවෙන් ඔප්පු කළේ ඔයා විතරයි කියලා මම දැන් දන්නවා...

අද කොහේ හරි ඉඳන් අප්පච්චි එයාලා ගැන දුක් වෙන අතරේ ඔයා මට ඉන්න හැටි ගැන හුඟක් සතුටු වෙනවා ඇති පණ.''

 

 

views

3006 Views

Comments

arrow-up