“එදා වුණේ මොකක්ද කියලා අපි තවම හොයනවා” - සුෂාන්ත්ගේ මතකයෙන් සංවේදී වුණු සහෝදරිය, ශ්වේතා කියූ කතාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

“එදා වුණේ මොකක්ද කියලා අපි තවම හොයනවා” - සුෂාන්ත්ගේ මතකයෙන් සංවේදී වුණු සහෝදරිය, ශ්වේතා කියූ කතාව (PHOTOS)

“එදා වුණේ මොකක්ද කියලා අපි තවම හොයනවා” - සුෂාන්ත්ගේ මතකයෙන් සංවේදී වුණු සහෝදරිය, ශ්වේතා කියූ කතාව (PHOTOS)

ලොවක් කම්පා කරමින් නැසී ගිය සුෂාන්ත් සිං රාජ්පුත්ගේ (Sushant Singh Rajput) අනපේක්ෂිත නික්ම යාමට මේ මස 14 වැනිදාට වසර 4ක් පිරුණා.

 

අති දක්ෂ රංගන ශිල්පියෙකු හැටියට ඉමහත් රසික ආදරයක් ලබන අවදියක වූ සුෂාන්ත්ගේ නික්ම යාම, ඔහුට ආදරේ කළ කාටත් ගෙන ආවේ දරාගත නොහැකි කම්පාවක්. මිය යන විට ඔහු 34 වන වියේ පසුවුණා.

 

සිය සිනමා ගමන තුළ අතිශය ඉහළ රසික ආදරයක් දිනාගනිමින් වාණිජමය සාර්ථකත්වයක් ලද සුෂාන්ත් රංගනය වෙනුවෙන් විචාරක පැසසුමට ලක් වූ අවස්ථා එමටයි.

 

 

ඔහුගේ මරණයේ සිව්වන වසර අනුස්මරණය කරමින් බොහෝදෙනා පලකළ සංවේදී සටහන් රැසක් මේ මොහොත වන විටත් සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා.

 

ඒ අතර කාගෙත් අවදානය දිනාගෙන තිබුණා, සුෂාන්ත්ගේ සහෝදරිය ශ්වේතා සිං තබා තිබූ සටහන.

 

''මීට අවුරුදු හතරකට කලින් මේ මාසේ 14 වෙනිදා අපේ ආදරණීය සුශාන්ත් අපිට නැති වුණා.

ඒ ඛේදජනක දිනයේ සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව අපි තවමත් පිළිතුරු සොයමින් සිටිමු.

දවස ඇදහිය නොහැකි තරම් හැඟීම්බර‍යි...''

 

 

සුෂාන්ත් මුම්බායි හි පිහිටි ඔහුගේ නිවසේ මියගොස් සිටියදී සොයා ගන්නා ලද්දේ, 2020 ජුනි 14.

 

ඔහුගේ මරණය සියදිවි නසාගැනීමක් බවයි වාර්තා වූයේ.

 

ඒ අනුව මහත් ආන්දෝලනයට තුඩු දුන් ඔහුගේ මරණයට විවිධ පාර්ශව චෝදනා ලැබුවා.

 

ජනප්‍රිය නිළි රියා චක්‍රබෝර්ති එන් එක්කෙනෙක්.

 

 

සුෂාන්ත්ගේ මරණය සම්බන්ධව පැනනැඟි මතභේදාත්මක කරුණු අතර ජනප්‍රියම කාරණාව වුණේ ඔහු මත්ද්‍රව්‍ය ලබාගත් බවට වූ චෝදනාව.

 

ඒ වගේම ඔහුට ඊට අනුබල දීමේ චෝදනාව විවිධ පාර්ශවයන්ට එල්ල වුණා.

 

රියා ද ඉන් කෙනෙක්.

 

එවකට සුෂාන්ත්ට ආදරය කරන කාගෙත් පොදු තරහකාරිය වුණු ඇය මේ වන විට නම් පෙම්වතියක් බවයි ආරංචිය...

views

258 Views

Comments

arrow-up