මෙහෙමත් මල් පෝච්චි කෑමක්..? - මල් පෝච්චි කන අරුම පුදුම වීඩියෝව මෙන්න (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

මෙහෙමත් මල් පෝච්චි කෑමක්..? - මල් පෝච්චි කන අරුම පුදුම වීඩියෝව මෙන්න (VIDEO)

මෙහෙමත් මල් පෝච්චි කෑමක්..? -  මල් පෝච්චි කන අරුම පුදුම වීඩියෝව මෙන්න (VIDEO)

ලෝකේ මේ වෙනකොට අරුම පුදුම කෑම වර්ග ගොඩක් තියෙනවා...

 

සමහර දේවල් ඇත්තටම හිතා ගන්නවත් බැරි තරම් පුදුමයි, සහ ඒ නිසාම ඒවා ලෝකයේ බොහෝ දෙනා අතර අතිශය ජනප්‍රියයි..

 

ඉතින් මේ දවස්වල සමාජ මාධ්‍ය හරහා මේ වගේ අරුම පුදුම කෑමක් කන තරුණියකගේ වීඩියෝවක් වයිරල් වෙලා තිබෙනවා..

 

මේ වන විට නැරඹුම් වාර මිලියන 50කට වැඩි සංඛ්‍යාවක් ඇති මේ වීඩියෝවේ දැක්වෙන්නේ එක්තරා තරුණියක් විසින් පෝච්චියක හිටුවන ලද පැළයක් ආහාරයට ගන්නා ආකාරයයි.

 

එය sthefannyoliveiratv කියන Instagram පිටුවේ තමයි පළ කරලා තියෙන්නේ..

 

මේ වීඩියෝව කොටස් දෙකකින් සමන්විත වෙනවා. එකේ පලවෙනි කොටසේ තමයි මේ තරුණිය පෝච්චිය සමඟ පැළය ආහාරයට ගන්නා ආකාරය පෙන්වන්නේ..

 

කොහොම වුණත් මේ කන්නේ චොක්ලට්වලින් හදපු කෑමක් කියලා ඔයා මේ වීඩියෝවේ අවසානය වෙනකම් බැලුවොත් ඔයාට තේරෙයි..

 

ඒ තරුණිය චොක්ලට් යොදා ගනිමින් ඒ අපූරු හැඩයෙන් යුතු පැළය සාදා ගන්නා විදිහ තමයි එහි දක්වලා තියෙන්නේ..

 

බොහෝ අය හිතලා තියෙන්නේ ඇය ඇත්තටම පැළයක් සහ පෝච්චියක් ආහාරයට ගන්නවා කියලා. ඒ නිසාම මේ වීඩියෝවට ප්‍රතිචාරත් ගොඩක් ලැබිලා තියෙනවා..

 

 

views

239 Views

Comments

arrow-up