පොසොන් බත් දන්සලේ කරවල හොදි කල්දේරම සිසුවියකට මරුවා ලඟා කරවූ හැටි

පොසොන් බත් දන්සලක කරවල හොදි කල්දේරමට වැටී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 9 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.
පානදුර, බෙක්කේගම ප්‍රදේශයේ පදිංචිව සිටී ශයනි මෙතුම්සා නමැති දැරියක මෙසේ මියගොස් ඇති බව සඳහන් වේ. පසුගියදා පානදුර ප්‍රදේශයේ පොසොන් පොහොය නිමිත්තෙන් බත් දන්සලක් පවත්වා ඇති අතර පසුගිය 23 දා දැරිය සිය මව සමග එහි රැඳී සිටීයදී දැරිය කරවල හොදි කල්දේරමට වැටී ඇති බව පැවසේ.
බරපතළ තුවාල ලබා සිටි දැරිය පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, ඇයගේ තත්ත්වය බරපතළ බැවින් කොළඹ රිජ්වේ ආර්යා රෝහලට මාරුකර යවා සිටියදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පානදුර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
638 Views
Comments