බුදුන්ගේ පුනරුප්පත්තියක් යැයි ඇදහූ පුද්ගලයෙකු කල වරදට නේපාල අධිකරණයක් දුන් දඩුවම
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

බුදුන්ගේ පුනරුප්පත්තියක් යැයි ඇදහූ පුද්ගලයෙකු කල වරදට නේපාල අධිකරණයක් දුන් දඩුවම

බුදුන්ගේ පුනරුප්පත්තියක් යැයි ඇදහූ පුද්ගලයෙකු කල වරදට නේපාල අධිකරණයක් දුන් දඩුවම

බුදුන්ගේ පුනරුත්පත්තියක් යැයි දහස් ගණනක් දෙනා විශ්වාස කළ 33 හැවිරිදි රාම් බහදූර් නම් පුද්ගලයෙකුට ළමා ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් නේපාල අධිකරණයක් විසින් පසුගියදා (01) වසර 10 ක සිර දඬුවමක් නියම කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

ඒ අනුව දකුණු නේපාලයේ සර්ලාහි දිස්ත්‍රික් උසාවියේ අධිකරණ නිලධාරි සිකින්දර් කාපර් විදෙස් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණේ වින්දිතයාට ඩොලර් 3,750ක වන්දියක් ගෙවන ලෙසත් ඔහුට නියෝග කර ඇති බවයි.

 

කෙසේ නමුත් ඔහුගේ නීතීඥවරයා පවසා ඇත්තේ තීන්දුව සම්බන්ධයෙන් ඉහළ අධිකරණයක අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

 

'රාම් බහදූර් බම්ජොන්' නම් ඔහු 2005 වසරේදී ලොව වඩාත් ප්‍රකට වූයේ “Buddha Boy” මැයෙනි.

 

ඒ ඔහු නව යොවුන් වියේදී ගිනිකොනදිග නේපාලයේ ඝන වනාන්තරයක ගසක් යට මාස 10කට ආසන්න කාලයක් වාඩි වී සිටිනු දැකීම සඳහා දස දහස් ගණනක් ජනයා පැමිණීම හේතුවෙන් ජාත්‍යන්තර අවදානයට ලක්වීමත් සමඟයි.

 

එකල ඔහුගේ අනුගාමිකයන් කියා සිටියේ ඔහු එසේ කළේ ආහාර, නින්ද හෝ ජලය නොමැතිව බවයි.

 

එලෙස පිරිසකගේ ඇදහීමට බඳුන් වූ බම්ජොන්, ජනවාරි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ බාල දැරියක් ලිංගික අපයෝජන‍යට ලක් කිරීම යන චෝදනාව මතයි.

views

262 Views

Comments

arrow-up