පිරිමි කරන රස්සාවකට ගිය ශ්‍රී ලංකාවේ පළමු නාවික කාන්තාව නයෝමි

නයෝමි අමරසිංහ මගී ප්‍රවාහන නෞකාවක සේවය ඇරඹූ ශ්‍රී ලංකාවේ පළමු නාවික කත බවට පත්ව තිබේ.
මගී නෞකාවක පිරිමින්ගේ රස්සාවකට ගිය පළමු ශ්‍රී ලාංකික කත ලෙස ඇය හැඳින්විය හැක.
නයෝමි අමරසිංහ මගී ප්‍රවාහන නෞකාවක සේවය වෙනුවෙන් ‘ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ පළමු නාවික කත’ බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසයි.
ඇය සම්බන්ධයෙන් අගැයීම් සටහනක් තබමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඇය හැඳින්වූයේ ‘ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍රයේ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ බාධක බිඳ දැමූ කාන්තාවක’ ලෙස ය.
“මගේ අම්මා මේකට මුලින් කැමති වුණේ නෑ. මගේ අයියාත් නාවික හමුදාවේ හිටියේ. එයත් නැවක වැඩ කරලා තියෙනවා. එයා නම් කැමති වුණා. ඒත් කෙල්ලෙකුට මේ රස්සාව හරියන්නෙ නෑ කියලා අම්මා විරුද්ධ වුණා. ඒත් මම දැන් ඉන්න තැන ගැන හිතලා අම්මා ගොඩක් සතුටු වෙනවා” යැයි නයෝමි අමරසිංහ බීබීසී සිංහල සේවයට පවසා තිබිණි.
තිස් හැවිරිදි වියේ පසුවන නයෝමි අමරසිංහ ගාල්ලේ උපත ලබා, උසස් පෙළ තෙක් ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයේ අධ්‍යාපනය ලබා ඇත.
1234 Views
Comments