20-20 ලෝක කුසලානයේ ක්‍රිකට් තරඟයක් අධික නින්ද නිසා අහිමි කරගත් ක්‍රීඩකයා මෙන්න - වරදත් පිළි අරගෙනලු

මේ කියන්න යන්නේ පසුගිය 20-20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර සිදුවුණ සිදුවීමක් සම්බන්ධවයි.
ඒ බංග්ලාදේශය සහ ඉන්දියාව අතර තරගයේදී බංග්ලාදේශ කණ්ඩායමේ උප නායක ටස්කින් අහමඩ් හට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුණේ නැහැ.
ඒ ක්‍රීඩකයින් රැගනෙ යන බස් රථය මග හැරීම හේතුවෙන්.
කෙසේ නමුත් ඔහුට බස් රථය මග හැරීමට හේතුව ලෙස බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් හෙළි කර තිබුණේ " ඔහුට අධික ලෙස නින්ද යාම හේතුවෙන් " ඉන්දියාව සමග තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබුණ බවටයි.
ඒ චෝදනාව ඔහු විසින් පිලිගත් බවටද එම නිලධාරියා ප්‍රකාශ කර සිටියා.
3684 Views
Comments