අනන්ත් අම්බානි - රාධිකා යුවළගේ හල්දි උත්සවය - සුපිරි තරු රැසක් ඇවිත් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

අනන්ත් අම්බානි - රාධිකා යුවළගේ හල්දි උත්සවය - සුපිරි තරු රැසක් ඇවිත් (PHOTOS)

අනන්ත් අම්බානි - රාධිකා යුවළගේ හල්දි උත්සවය - සුපිරි තරු රැසක් ඇවිත් (PHOTOS)

අනන්ත් අම්බානි - රාධිකා මර්චන්ට් යුවළගේ විවාහ මංගල උත්සවයට තවත් ඇත්තේ අතිශය සීමිත දින ගණනක්.

 

හරියටම කිව්වොත් අනිද්දා (12) තමයි දවස.

 

මංගල උත්සවය අනිද්දා වුණාට මොකද ඒ වෙනකල් පූර්ව-විවාහ සැමරුම්, සම්ප්‍රදායානුකූල චාරිත්‍ර රැසක් එක්ක මේ 'රජ මඟුල' ලෝකයේ ම අවදානය දිනාගන්න සමත් වුණා.

 

එහෙම වෙන්නත් එපැයි නේද, මොකද මේක 'අම්බානි පවුලේ වැඩක්නෙ'

 

ඔන්න ඉතින් දෙන්නගෙ 'හල්දි උත්සවය' ද ඔය විදියට කාගෙත් අවදානය දිනාගෙන.

 

හරිම ආකර්ෂණීය, විලාසිතාවකින් සැරසුණු රාධිකා කාගෙත් හිත් දිනාගෙන තිබුණෙ නිරායාසයෙන්මයි.

 

 

සුපුරුදු විදියට ම මේ අවස්ථාවටත් සල්මන් ඛාන්, රන්වීර් සිං, අනන්‍යා පාණ්ඩේ, අර්ජුන් කපූර්, ජාන්වි කපූර්, ඛුෂි කපූර්, වෙදාන්ග් රයිනා, ඔරී, සාරා අලි ඛාන් සහ මනුෂි චිල්ලාර් වැනි බොලිවුඩයේ සුපිරි තරු රැසක් සහභාගීව උන්නා.

 

වාර්තා වන හැටියට අනන්ත් සහ රාධිකාගේ විවාහය, 'Shubh Vivaah' ලෙස නම් කර ඇති බව සඳහන්.

 

එය පැවැත්වෙන්නේ එළඹෙන සිකුරාදා මුම්බායි හි Jio ලෝක මධ්‍යස්ථානයේදී.

 

උත්සවය පහුවදා (ජූලි 13) වෙනකල්ම ඇදෙනු ඇති බවයි දැනට ඇති නිගමනය.

 

ඊට සහභාගී වන කාටත් 'ඉන්දියානු සාම්ප්‍රදායික ඇඳුමෙන්' සැරසී සිටින ලෙස ඉල්ලා ඇති බව සඳහන්.

 

කතාව එතනින් ඉවරත් නෑ... ජුලි 14 වැනිදාත් විශේෂ උත්සවයක් පැවැත්වෙන බවයි ඉන්දීය ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

 

 

views

299 Views

Comments

arrow-up