හිටපු ක්‍රිකට් නායකයාගේ ඝාතනයේ පසුපස කතාව එළියට - කලිනුත් ජීවිත තර්ජන තිබිලා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
17

හිටපු ක්‍රිකට් නායකයාගේ ඝාතනයේ පසුපස කතාව එළියට - කලිනුත් ජීවිත තර්ජන තිබිලා

හිටපු ක්‍රිකට් නායකයාගේ ඝාතනයේ පසුපස කතාව එළියට - කලිනුත් ජීවිත තර්ජන තිබිලා

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයකු ලෙස ක්‍රීඩා කළ ධම්මික නිරෝෂණ හෙවත් 'ජොන්ටි' නැමැත්තාව ඊයේ (16) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර තිබුණි.

 

අම්බලන්ගොඩ, බෝගහවත්ත, කන්ද මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී ඊයේ රාත්‍රී 9.30ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇත.

 

ඒ එම නිවෙස්හිමියා ඉලක්ක කරමින් බෝර 12 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි ප්‍රහාරය එල්ල කරමිනි.

 

වෙඩි ප්‍රහාරය අදාළ පුද්ගලයාගේ හිසට වැදී ඇති අතර ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

නිවෙස අසළ ඇති පාළු ඉඩමක සිට එම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩික්කරුවන් පා ගමනින් පළා ගොස් ඇති බව වාර්තා වෙයි.

 

ප්‍රහාරය එල්ලව ඇත්තේ ඝාතනයට ලක් වූ පුද්ගලයා ප්‍රදේශයේ අවමගුල් උත්සවයකට සහභාගීවීම සඳහා යාමට නිවෙසින් පිටතට පැමිණෙමින් සිටියදීය.

 

එලෙස ඝාතනය වුණේ ධම්මික නිරෝෂණ හෙවත් "ජොන්ටි" නමින් හඳුන්වන 41 හැවිරිදි දෙදරු පියෙකි.

 

ඔහු 2002 වසරේදී වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසද ක්‍රීඩා කර තිබේ.

 

පසුව විදෙස්ගතව ඇති ඔහු නැවතවතාවක් විදෙස්ගතවීමේ අරමුණින් සිටඇති බව පොලීසිය සඳහන් කළේය.

 

ධම්මික නිවසින් පිටතට පැමිණ ඇත්තේ සැකකටයුතු පුද්ගලයෙකු නිවස අසල පාළු ඉඩමේ සිටින බවට නිවැසියෙක් ඔහුව දැනුවත් කර තිබියදීය.

 

මියගිය පුද්ගයා ප්‍රදේශයේ අවමගුල් උත්සවවල සූදු පිටි පවත්වන අයෙක් වත අතර එම සූදු පිටියකදී කලකට පෙර ඇති වූ ආරවුලක් එම ඝාතනයට හේතු වී ඇති බවට පොලීසිය සැකකරයි.

 

ඔහුට මීට පෙරද ජීවිත තර්ජන තිබී ඇති බව පොලීසිය සඳහන් කළේය.

views

306 Views

Comments

arrow-up